29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් අද (18) දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් 100 ට වඩා වැඩි වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව පළාතේ සහ අම්පාර දිස්ති‍්‍රක්කයේ පස්වරු 02.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, තී‍්‍රකුණාමලය සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලටත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50 ක 60 ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ හැකියාවක් පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ මධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 06-16 සහ නැගෙනහිර දේශාංශ 83-96 කලාපය තුළ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් ඇති බවයි.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ හැකියාවක් ඇති බැවින් එම ප්‍රදේශවල රැකියාවේ නියුතු ධීවර යාත්‍රා ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ හැකියාවක් ඇති බවද පෙන්වා දෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පළාත්සභා නවය රුහුණු-පිහිටි-මායා නමින් තුනකට බස්සන්න යෝජනා

Maimoonar

විදෙස් ශ‍්‍රමිකයන් වහා ගෙන්වන්නැයි අගමැති කියයි.. ඔවුන් නිවසේ නිරෝධායනයටත් සාකච්චා..

Maimoonar

අවසන් මහ තරගය ඇරඹෙයි.. මෙන්ඩිස් කල දේම කමින්ස් කරයි..

Maimoonar

4 comments

Comments are closed.