Local NewsNews

ඉඩම් ආරවුල් දුරදිග නොයන ලෙස විසඳුම් දෙන්න සැළසුම්

ජනතාවගේ ඉඩම් ගැටළු විසඳීම සඳහා දිස්ති‍්‍රක් මට්ටමින් ඉඩම් උසාවි ඇති කිරීමට අවධානය යොමුව ඇති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසනවා. ඊට අදාළ යෝජනාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.

මේ අතර, කිසිඳු ලියවිල්ලක්, ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි වී හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයින් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීම මැයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් ඉකුත් 22 වැනිදා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද නෙත් නිවුස් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනගෙන් කරුණු විමසුවා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ “මෙවැනි ප්‍රශ්න නිසා ජනතාවට අවුරුදු 25ක් 30ක් උසාවි ගානේ යන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි නව ක්‍රමවේද අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉඩම් ආරවුල් දුරදිග නොයන ආකාරයට විසඳන්නත් බලාපොරොත්තු වෙනවා. ” යනුවෙනි.

ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටළු නොමැති ඉඩම් සඳහා මාස 03 ක් ඇතුළත නිරවුල් ඔප්පු ලබාදෙන්නැයි ජනාධිපතිවරයා ද ඉකුත් දා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා. කෙසේවෙතත්, ඇතැම් පුද්ගලයින් රජයේ ඉඩම් සහ රක්ෂිත වැනි ප‍්‍රදේශ බලහත්කාරයෙන් අත්පත් කර ගෙන එළි පෙහෙළි කර ඒ  සඳහා ඔප්පු ලබා ගැනීමේ කූඨ උපක‍්‍රමයක් ද කි‍්‍රයාත්මක කර තිබූ බවටයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.        

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දිය යුතුයි..- සජිත්

Maimoonar

මාලිමාව එපා වුනාම ජනතාව ඊළගට බලය දෙන්නේ අපටයි..- බත්තරමුල්ලේ සීලරතන හිමි

Maimoonar

ජනතාවට ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – පළාත් දෙකකට අධික වැසි

Maimoonar

761 comments

Comments are closed.