Local News News

ඉඩම් ආරවුල් දුරදිග නොයන ලෙස විසඳුම් දෙන්න සැළසුම්

ජනතාවගේ ඉඩම් ගැටළු විසඳීම සඳහා දිස්ති‍්‍රක් මට්ටමින් ඉඩම් උසාවි ඇති කිරීමට අවධානය යොමුව ඇති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසනවා. ඊට අදාළ යෝජනාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.

මේ අතර, කිසිඳු ලියවිල්ලක්, ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි වී හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයින් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීම මැයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් ඉකුත් 22 වැනිදා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද නෙත් නිවුස් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනගෙන් කරුණු විමසුවා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ “මෙවැනි ප්‍රශ්න නිසා ජනතාවට අවුරුදු 25ක් 30ක් උසාවි ගානේ යන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි නව ක්‍රමවේද අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉඩම් ආරවුල් දුරදිග නොයන ආකාරයට විසඳන්නත් බලාපොරොත්තු වෙනවා. ” යනුවෙනි.

ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටළු නොමැති ඉඩම් සඳහා මාස 03 ක් ඇතුළත නිරවුල් ඔප්පු ලබාදෙන්නැයි ජනාධිපතිවරයා ද ඉකුත් දා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා. කෙසේවෙතත්, ඇතැම් පුද්ගලයින් රජයේ ඉඩම් සහ රක්ෂිත වැනි ප‍්‍රදේශ බලහත්කාරයෙන් අත්පත් කර ගෙන එළි පෙහෙළි කර ඒ  සඳහා ඔප්පු ලබා ගැනීමේ කූඨ උපක‍්‍රමයක් ද කි‍්‍රයාත්මක කර තිබූ බවටයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.        

(under the courtesy of nethnews.lk news web)

Related posts

තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj

දිනකට ඩොලර් ලක්‍ෂ 30ක් ඉතිරියි.. විද්‍යුත් ත‍්‍රීවීල් පාරට…

Shiran Viraj

වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවයි

Shiran Viraj

761 comments

Comments are closed.