February 26, 2026
NewsPolitical

ඇමති අලි සබ්රි අගමැති මහින්දගේ 20 ට අදාල පොරොන්දුවට අභියෝග කරයි

පසුගිය සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සහ පක්ෂ නායක රැස්වීමේදී 20 වැනි සංශෝධනයේ අඩංගු වූ එක් වරදක් වන රජයේ සමාගම් විගණකාධිපතිවරයා විසින් විගණනය කිරීම වැලැක්වීම සඳහා පනවා තිබූ ප්‍රතිපාදනය ඉවත්කොට එම වරද නිවැරදි කරන බවට අගමැතිවරයා පොරොන්දු වූ බව වාර්තා විය.

තත්වය එසේ තිබියදී අද දින (23) ගුවන්විදුලියේ සුභාරතී වැඩසටහනට සහභාගී වෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා එම වරද එසේම තිබිය යුතු බවට පමණක් නොව එම වරද වරදක් නොවන බවටද තර්ක ඉදිරිපත් කිරීම නිසා දේශපාලන විචාරකයින් විමතියට පත්වී ඇත.

ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ මාධ්‍යවේදියෙකු සඳහන් කළේ අගමැතිවරයා ලබා දුන් පොරොන්දුවක් කඩ කිරීමට අලි සබ්රි මහතාට ලැබී ඇති දේශපාලන බලය කුමක්ද යනුවෙනි.

lanka lead news

Related posts

ජනතාවගේ දෙපතුල ලගට යන්න මට ඉගැන්නුවේ මගේ පියානෝ… දෙපතුල ලගට යාම අත අත්‍යවශ්‍ය වෙලා..- පුතානෝ [Video]

Maimoonar

ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා..- ජනපති

Maimoonar

විල්පත්තුවේදී හමුදාවේ 08 දෙනෙකු ඝාතනය කළ හිටපු LTTE සාමාජිකයින් දෙදෙනාට වසර 25ක සිර දඩුවම්

Maimoonar

465 comments

Comments are closed.