28 C
Colombo
July 9, 2024
News Political

ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කළ යුතු බව ජනපති කියයි

නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට හැකි පරිසරයක් මෙරට තුළ නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

දේශීය සහ ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලූමට සරිලන පරිදි අන්තර්ජාතික ප‍්‍රමිතියෙන් යුත් ”සුහුරු තාක්ෂණවේදීන්” නිර්මාණය කිරීම ප‍්‍රමුඛ අවශ්‍යතාවක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හෝ සමත්, අසමත් සියලූ දෙනාටම තාක්ෂණවේදය සහ වෘත්තීය අධ්‍යපනය දීමේ වැඩපිළිවෙළ කෙටි කාලයකදී ඇරඹීමේ ඇති අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.

ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කිරීමේ වැදගත්කම පැහැදිළි කළ ජනාධිපතිවරයා කලා විෂයන් හැදෑරූ සිසුන්ට තොරතුරු තාක්ෂණය, හෙද සහ කළමනාකරණය ඇතුළු ක්ෂේත‍්‍ර රැසකින් හැකියාවන් වර්ධනය කර ගත හැකි බව ද සඳහන් කළා.

පර්යේෂණ දිරි ගැන්වීමට රජයක් ලෙස සෑම සහයක්ම දෙන බවයි ජනාධිපතිවරයා එහිදී පැවසුවේ.

එම සාකච්ඡාවට එක්වූ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ සඳහන් කළේ, නවෝත්පාදන කි‍්‍රයාවලියට සහයවීමට උපදෙස් හා සේවාවන් සැපයීම එකම ආයතනයක් යටතට ගෙන එන බවයි.

ග‍්‍රහලෝකාගාරය වර්තමානයට ගැළපෙන අයුරින් නවීකරණය කිරීමටත්, නැනෝ තාක්ෂන ආයතනය සහ බයෝ තාක්ෂණ උද්‍යානය එකම පරිශ‍්‍රයක ස්ථාපනයටත් පියවර ගැනීමේ අවශ්‍යතාවයත් එහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

උසස් අධ්‍යාපන පනත සංශෝධනයෙන් ආයතනික සහ විෂය නිර්දේශ සම්බන්ධයෙන් පවතින ගැටළු රැසකට විසඳුම් දිය හැකි බව විශේෂඥයින් එහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, රේඛීය ආයතනවල ප‍්‍රධානීන් සහ විද්වතුන් එම සාකච්ඡාවට එක්ව සිටි බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්ධන මිල වැඩි කරන්නේ භාවිතය අඩු කරන්නයි..- සිපෙට්කෝ සභාපති

Shiran Viraj

Corona : කෙසෙල්වත්තෙන් තවත් 05ක් ..

Shiran Viraj

රනිල් සමග මන්ත‍්‍රීවරුන් 60ක් එක්වෙයි..

Shiran Viraj

5 comments

aviva equity release for advisers contact May 22, 2023 at 12:10 am

A lifetime mortgage is a type of aviva equity release for advisers contact
release.

Reply
Bookmarks June 14, 2023 at 12:55 pm

Natural cognitive functions are enhanced.

Feel free to surf to my homepage; Bookmarks

Reply
lifetime mortgage Interest calculator June 17, 2023 at 10:10 am

No. This is a key advantage of equity release.

My blog post – lifetime mortgage Interest calculator

Reply
energy efficiency definition chemistry June 17, 2023 at 1:05 pm

Below you find the currently cheapest energy efficiency definition chemistry tariffs.

Reply
energy efficiency program texas June 21, 2023 at 12:18 pm

Simply put, solar energy is energy efficiency program texas from the sun.

Reply

Leave a Comment