NewsPolitical

සරත් වීරසේකරගේ ප‍්‍රකාශයට පොහොට්ටුවේ පිරිසක් එරෙහි වෙයි

පළාත් සභා අහෝසි කළ යුතු යැයි පළාත් සභා රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කර ඇති ප‍්‍රකාශයට එරෙහිව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පළාත් සභා කි‍්‍රයාකාරීන් පිරිසක් පක්ෂයේ නායකයන් වෙත පැමිණිලි කර ඇත.

එහෙත් පළාත් සභා අහෝසි කළ යුතුයි යන ප‍්‍රකාශය ඉවත් කර ගැනීම වීරසේකර මහතා ප‍්‍රතික්ෂේප කර තිබේ.

පළාත් සභා ක‍්‍රමය සුදු අලියෙක් බවත් ජනතාවට එකී බර දැරිය නොහැකි බවත් හෙතෙම තවදුරටත් දක්වා ඇත.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතාගේ ප‍්‍රකාශය ගැන පරීක්ෂණයක් කළ යුතු යැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පළාත් සභා කි‍්‍රයාකාරීන් පිරිසක් පක්ෂයේ නායකයන්ගෙන් ඉල්ලා ඇති බවයි.

lanka lead news

Related posts

පාසැල් තව දුරටත් වසා දැමේ.. ඉන්ධන නෑ…

Maimoonar

චීනය සැඟවූ කොරෝනාව ගැන ලොවට හෙලිකල වෛද්‍යවරයා මියයයි : රටපුරා ජනතා විරෝධයක් නැග එයි

Maimoonar

රටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනා ව්‍යාප්තියේ අලුත්ම සිතියම මෙන්න…

Maimoonar