29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

නිව් ඩයමන්ඩ් නෞකාව අසල ජල සාම්පල පරීක්ෂාවට භාර දෙයි

ආපදාවට ලක්ව ඇති එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව ආසන්නයෙන් ලබාගන්නා ලද මුහුදු ජල සාම්පල පරීක්ෂණ සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට අද භාර දී තිබෙනවා.

අනතුරට ලක් වූ ඉන්ධන ප‍්‍රවාහන නෞකාව මේ වන විට නාවික සැතපුම් 50ක් පමණ දුරින් ගැඹුරු මුහුදු ප‍්‍රදේශයේ ආරක්ෂිතව රඳවා ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

මේ අතර නාවික හමුදා නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අද දිනයේ නෞකාව තුළට ඇතුළු වූ බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

කෙසේවෙතත් කිමිදුම්කරුවන් යොදවා නෞකාවේ තත්ත්වය නිරික්ෂණය කිරීමට සැලසුම් කර තිබුණ ද මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් එම කටයුතු තාවකාලිකව නතර කෙරුණා.

මේ අතර නෞකාව අයත් ගැලවුම්කාර සමාගමේ විශේෂඥයින් ද අද දිනයේ නෞකාව නිරික්ෂණය කරමින් සිටින බවයි නාවික හමුදාව පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය නැවත සමාලෝචනය කරයි

Maimoonar

මහින්ද හා පවුලේ අය මාලදිවයිනට යාමට ආරක්‍ෂිත ක‍්‍රමයක් සාදමින්..- මාලදිවයින් මාධ්‍ය පාස්පෝට් සමගින් හෙලිදරවුවක…

Maimoonar

වාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලර් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනා..

Maimoonar

1 comment

Comments are closed.