January 29, 2026
NewsPolitical

සජිත්ට මුස්ලිම් කොංග‍්‍රසයේ දැඩි විරෝධය.. තව දුරටත් සමගියක් නැති බව කියයි..

සමගි ජන බලවේගයෙට මෙවර ජාතික ලැයිස්තුව සඳහා හිමිවූ මන්ත්‍රී ආසන වලින් කිසිවක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ලබා නොදීම දැඩිව හෙළා දකින බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක නසීර් අහමඩ් මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීමට මැතිවරණයට පෙරම පොරොන්දු වී තිබූ බවයි.

එනිසා තම පක්ෂය ජයග්‍රහණය කිරීමට හැකියාව තිබූ ආසනවලට පවා අපේක්ෂකයන් ඉදිරිපත් නොකර කැපකිරීමක් කරමින් සමගි ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමානයට විශාල දායකත්වයක් ලබා දුන් බවද එමගින් පෙන්වා දෙයි.

එවන් තත්ත්වයකදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් තම පක්ෂයට ලබා නොදීම තම ජනතාව රැවටීමට පත් කිරීමක් බව සජිත් ප්‍රේමදාස මහතා තරයේ සිහි තබා ගත යුතු බවත් නිවේදනයේ සඳහන් වෙයි.

මුස්ලිම් කොංග්‍රසය දුන් පොරොන්දුව සජිත් ප්‍රේමදාස මහතා විසින් කඩ කිරීම තම පක්ෂ ඉතිහාසයේ කලූ පැල්ලමක් ලෙස සටහන් වන බව ද එම නිවේදනයේ පවසා ඇත.

මෙවන් ක්‍රියාවක් සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන බව දැන සිටියේ නම් මැතිවරණයේදී තනිව තරග කිරීමට ඉඩ තිබූ බවත් එසේ තරග කළා නම් මීට වඩා ආසන්න ප්‍රමාණයක් දිනාගත හැකිව තිබූ බවත් ඔහු තවදුරටත් කියා සිටියි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් ගන්නා ලද මෙම තීරණය කිරීම සමගි ජන බලවේගය පක්ෂ අතර ඉදිරියේදී යම් විරසකයක් ඇති වීම නොවැළැක්විය හැකි බවද තව දුරටත් දැක්වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොරෝනා මරණ භූමදාන කිරීමේ අවසන් තීන්දුව විශේෂඥ කමිටුව අතේ

Maimoonar

PCR පරීක්ෂණ මහජන ඉල්ලීම් අනුව කරන්නේ නැහැ – ඒවා කළ යුත්තේ වසංගත විශේෂඥයින්ගේ මඟ පෙන්වීමට සහ ඊට අදාළ සැලසුමකට අනුවයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

Maimoonar

අර්චුනා හෝටයක යකා නටමින් පහර දෙයි.. දෙදෙනෙක් තුවාල ලබා රෝහලේ..

Maimoonar

3 comments

Comments are closed.