NewsPolitical

පොහොට්ටුවේ ජයග‍්‍රහණයට ජපානයෙනුත් සුබ පැතුම්

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලද ජයග‍්‍රහණය වෙනුවෙන් ජපාන රජය සුබ පැතුම් එක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපති කාර්යයාලය සඳහන් කළේ සාමකාමී, නිදහස් සහ සාධාරණව පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ජපානයේ සතුට පළ කරන බවයි.

මෙම මැතිවරණය තුළින් තවදුරටත් ශක්තිමත් වූ ශී‍්‍ර ලංකාවේ දීර්ඝ කාලීනව ස්ථාපිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය පිළිබඳව ප‍්‍රශංසාව පළ කරන බව ද එම නිවේදනයේ සඳහන්. එමෙන්ම, ශී‍්‍ර ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ඉදිරි සංවර්ධනය උදෙසා ගනු ලබන ප‍්‍රයත්නය කෙරෙහි, ශී‍්‍ර ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු වශයෙන් ජපානයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ද ජපාන තානාපති කාර්යයාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් අමෙරිකාව, ඉන්දියාව, නේපාලය සහ මාලදිවයින යන රටවල් ද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සිය සුබ පැතුම් එක්කර තිබුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

චීනයට යවන්න හෙක්ටයාර 50ක පලතුරු, එළවළු වවන්න..

Maimoonar

අන්තරේ විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස්

Maimoonar

තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..

Maimoonar