29.5 C
Colombo
February 12, 2026
NewsPolitical

අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයි

අමාත්‍යාංශවල ඉදිරි ව්‍යාපාරික සැලසුම ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍යවරුන්ට දන්වා ඇති බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු මේ බව පැවසුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පරිශ‍්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සෞඛ්‍ය අංශවල අනුමැතිය ලද විගස කඩිනමින් ගුවන් තොටුපොල යලි විවෘත කිරීමට තමන් සූදානම් බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල තාවකාලිකව වසා දැමුණා. කෙසේවෙතත් විදෙස් රටවල සිරවී සිිටින ශී‍්‍ර ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ කටයුතු තවදුරටත් සිදු වනවා.

ඒ අනුව ලෙබනනය ඇතුළු තවත් විදේශ රටවල් 03 ක රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 309 දෙනෙකු ඊයේ සහ අද දිවයිනට පැමිණියා.

එම පිරිස ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සහ අද අළුයම ගුවන් යානා 5 කින් කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉන් ශ‍්‍රී ලාංකිකයන් 245 දෙනෙකු ලෙබනනයේ රැුදී සිටි අය වනවා. අබුඩාබි සිට දිවයිනට පැමිණි ශී‍්‍ර ලාංකිකයින් ගණන 40 ක්. අනෙක් ශී‍්‍ර ලාංකිකයින් ඉන්දියාව, කටාර්, දෝහා සිට මෙරටට පැමිණියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කුෂිනගර් ගුවන් තොට විවෘත කරන මුල් ගුවන් යානය ඇමති නාමල් ඇතුළු පිරිසක්..

Maimoonar

කතානායක IDH රෝහලට ඇතුළු කෙරේ….

Maimoonar

දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් පහක් ජනාධිපති සමග…

Maimoonar

1 comment

Comments are closed.