International NewsNews

හමුදා භාරයේ සිටි මාලි ජනපති ඉල්ලා අස් වෙයි

මාලි රාජ්‍යයේ මතුව ඇති දේශපාලන අර්බුදය හමුවේ එරට ජනාධිපති බුබකාර් කීටා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නිල ප‍්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ රජය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ද තමන් පියවර ගන්නා බවයි.

හමුදාවේ ඇතැම් පාර්ශව රජයේ කටයුතු සඳහා මැදිහත් වීමට තීරණය කර ඇති මොහොතක තමන්ට වෙනත් විකල්පයක් නොමැති බවයි ජනාධිපති බුබකාර් කීටා ප‍්‍රකාශ කර ඇත්තේ. ලේ වැගිරීමක් සිදුවනු දැකීමට ඇති අකමැත්ත හේතුවෙන් තමන් එම තීරණය ගත් බව ද මාලි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

මාලි රාජ්‍යය මේ වනවිට නිල වශයෙන් එරට හමුදාව විසින් භාරගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදු කර නැහැ.

මාලි රාජ්‍යයේ ආර්ථිකයේ කඩා වැටීමට රජය වගකිව යුතු බවට චෝදනා කරමින් සහ රජයේ කාර්යයන් සඳහා ආරක්ෂක අංශ අයථා ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් අප‍්‍රසාදය පළ කරමින් මාලි වැසියන් එරට රජයට එරෙහි විරෝධතා අඛණ්ඩව කි‍්‍රයාත්මක කළේ මාස ගණනාවක සිටයි.

එහි ප‍්‍රථිඵලයක් ලෙස එරට ජනාධිපති බුබකාර් කීටා සහ අග‍්‍රමාත්‍ය බොබෝ සීස්, එරට හමුදාව විසින් ඊයේ බලහත්කාරයෙන් රඳවා ගනු ලැබුවා. කෙසේ වෙතත්, මාලි හමුදාවේ එම අත්තනෝමතික හැසිරීම ව්‍යවස්ථා විරෝධී බවට ප‍්‍රකාශ කරමින් ප‍්‍රංශය, යුරෝපා සංගමය සහ අපි‍්‍රකානු සංගමය නිවේදන නිකුත් කර තිබෙනවා.        

(under the courtesy of nethnews.lk news web)

Related posts

වෛද්‍යවරුන්ගේ පවුල්පිටින් එන්නත්කරණයේ.. ප‍්‍රමුඛතා ලයිස්තු කැලේ.. සෙසු සියළු සෞඛ්‍ය වෘත්තිකයන් වර්ජනයක් අරඹයි…..

Maimoonar

ඖෂධ හිගයි.. රෝහල්වල ශල්‍යකර්ම සීමා කරයි… පිළිකා සහ හදිසි අනතුරු සැත්කම් පමණයි..

Maimoonar

ජනවාරි මැද සිට ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි අනතුරක්

Maimoonar

4 comments

Comments are closed.