Local NewsNews

නීතිවිරෝධි වැලි කැනීම් වලට එරෙහිව දැඩි පියවර

පරිසරයට හානි සිදුකරන සහ නීතිවිරෝධී වැලි කැනීම් ඇතුලූ‍ ජාවාරම් සිදුකරන පුද්ගලයින් පිළිබද සොයාබැලීමට වෙනම කණ්ඩායමක් යොදවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

මේ අතර පරිසර අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල දූෂණ හා වංචා සිදුව ඇත්නම් ඒ පිළිබද වහාම දැනුම්දෙන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර භූ විද්‍යා පතල් කැනීම් කාර්යංශයේ අක‍්‍රමිකතා සෙවීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් මේවනවිට ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ භූ විද්‍යා පතල් කැනීම් කාර්යංශයේ සභාපතිවරයා, එම ආයතනය ‘‘හොර ගුහාවක්’’ යැයි කළ ප‍්‍රකාශය හේතුවෙන්. මේ සම්බන්ධයෙන් සොයා බැලිමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නිලධාරියෙකු, පරිසර අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරයෙකු සහ අභ්‍යන්තර විගණන නිලධාරියෙකුගෙන් යුත් කමිටුවක් ද පත්කළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කුමාර වෙල්ගමට නගරය මැදදී පහර දෙයි…

Maimoonar

GMOA වැඩ වර්ජනයකට සූදානම්

Maimoonar

වරාය සේවකයෝ වසරකට මිලියන සියයක කාලා – වරාය අධිකාරියේ සභාපති කියයි

Maimoonar

3 comments

Comments are closed.