February 26, 2026
Local NewsNews

වැටලීම්වලට පෙර ජාවාරම්කරුවන්ට ඔත්තු දෙන පොලිස් නිලධාරියෙක්

පානදුර ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඔත්තු ලබාදුන් බවට සැක කෙරෙන පානදුර දකුණ පොලීසියේ නිලධාරියෙකු සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. ඔහු වංචා දූෂණ අංශයේ නිලධාරියෙක්.

මෙම සැකකරු වැටලීම සිදුවීමට පෙර ඒ පිළිබද අදාළ පාර්ශ්ව වෙත තොරතුරු ලබාදෙන බවටයි මූලික පරීක්‍ෂණවලදි අනාවරණ වී ඇත්තේ.

මෙම පොලිස් නිලධාරියා පිළිබද තොරතුරු අනාවරණ වී ඇත්තේ පානදුර ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පිළිබද සිදුකළ පරීක්‍ෂණයකදීයි.

ඔහුගේ නිවස පරීක්‍ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පසුව පැමිණි අවස්ථාවක පානදුර දකුණ පොලීසියේ වංචා දූෂණ අංශයේ මෙම නිලධාරියා ඒ පිළිබද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිදට දුරකතනයෙන් දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත් ඒ අවස්ථාවේ බිරිදගේ දුරකතනය තිබී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සතුවයි. ඒ අනුව මෙම සැකකරු පිළිබද තොරතුරු අනාවරණ කර ගැනීමට හැකි වී තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොළඹ 1/3ක් ලොක් ඩවුන්.. කොළඹ වැටුනොත් රටම හාන්සියි..

Maimoonar

මාළු මිල ඉහලට…

Maimoonar

කෑගල්ල අවදානමේ.. දිස්ත‍්‍රික්කයට ඇදිරි නීතිය පනවන්නැයි ඉල්ලයි..

Maimoonar