28 C
Colombo
July 9, 2024
News Political

බැසිල්ගෙන් U turn අතහැර V turn එකක්.. ඩොලර් මිලියන 950යි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරපු අවස්ථාවේ කොවිඞ් වසංගතය එතරම් ම පැතිරිලා තිබුණේ නැති වුනත්, නාමයෝජනා භාර දීමෙන් පස්සේ මු`ඵ මහත් ලෝකයේම තත්වය වෙනස් වුනා. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියමයක් නැතිව මැතිවරණය කල් දමන්න කටයුතු කළා.

එහිදි අපි කල්පනා කර සිටියා දේශපාලන වශයෙන් කටයුතු කරනවාද? පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යෙදෙනවාද? එහෙම නැත්නම් මේ භයානක උවදුරින් මේ රට බේරා ගන්න ජනාධිපතිතුමා සම`ග කටයුතු කරනවාද කියලා. ඉන් පස්සේ තීරණය කළා දේශපාලන මැතිවරණ ව්‍යාපාරයෙන් බැහැර වෙලා කෝවිඞ් වසංගතයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කරන්න කටයුතු කරන්න.

අපි එක්තරා අතකින් සතුටු වෙනවා ලෝකයේ බලවත් වු ශක්තිමත් රටවල් තවමත් ඒ වසංගතයට මුහුණ දෙන වේලාවක මේ කුඩා රටේ ජනතාවත් සම`ග අතිගරු ජනාධිපතිතුමාගේ මෙහෙයවීම යටතේ ජනතාවගේ ජිවිතයත්, ඔවුන්ගේ ජීවනෝපායත් යන දෙකම සාර්ථකව ආරක්ෂා කර ගැනීමට පු`ඵවන් වීම ගැන.

අද වන විට ජුනි මාසයේ අපනයන ප‍්‍රමාණයට අවසන් දැනුම් දීම ලැබිලා තියෙනවා. ජුනි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 950ක අපනයනය කරන්න අපිට හැකිව තිබෙනවා. ඉතා සතුටුදායක ජයග‍්‍රහණයක් වනවා. නමුත් අපේ‍්‍රල් මාසයේ මෙය 250තෙක් බැහැලා තිබුණා මේ කොරෝනා උවදුරත් එක්ක. ඒ කියන්නේ ඒක U turn එකක් වගේ නොවෙයි V turn එකක් හැටියට ඉහළ මට්ටමකට ආවා. 250 ඉ`දලා 950කට නැගීම 2019 ප‍්‍රමාණයෙන් 90%කට ආසන්න ප‍්‍රමාණයක් අපි නැවත අත්පත් කරගෙන තිබෙනවා. මොකද අපේ රටේ කොරෝනා උවදුර පහවීම උඩ බොහෝම සැහැල්ලූවට අරන්.

ඇමරිකාව, ඉන්දියාව, රුසියාව, බලගතු එංගලන්තය, හා බ‍්‍රසීලය මේ ඔක්කෝම රටවල් වල ජීවිතයත් මරණයත් අතර සටනක් කරන අතර, ආර්ථිකය ජීවනනෝපාය කඩා වැටී ඇති මොහොතක අපේ ශීී‍්‍ර ලංකාව බේරගෙන තියෙනවා.

දැන් මැතිවරණය වෙන වෙන දේවල් වලට වඩා ජනතාව තීන්දු කළ යුත්තේ මේ කෝවිඞ් උවදුරින් මේ රට සහ රටේ ජනතාව බේරාගත්ත ඉදිරි කටයුතු වලට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න. අපිට ලොකු වගකීමක් තියෙනවා මේ රට මෙතනින් එහාට ගෙනියන්න. අපි ජනාධිපති මැතිවරණයට එද්දී අපි බලාපොරොත්තු වුනේ නැහැ මෙවැනි තත්වයක්.

අපි දැනගෙන හිටියා මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙන්නේ කියලා. අපේ සදාචාරාත්මක නිතිගරුක භාවය වගේම වෙන උවදුරු රාශීයක් ජාතික ආරක්ෂාව මෙන්ම කුඩු වසංගතය හා පාතාලය වැනි දේවල් වලින් මේ රටට විශාල වශයෙන් තර්ජන වලට මුහුණ දෙන්න ජනාධිපතිතුමාත්, අගමැතිතුමත්, රජයත් සුදානම් වුනා. මේ කෝවිඞ් උවදුරට අපි සුදානම් නොවුන අවස්ථාවක ඊට මුහුණදීම ඒ වෙනුවෙන් සෑම ශී‍්‍ර ලාංකිකයෙක්ම සතුටු විය යුතුයි.

දැන් ජිවනෝපාය අතින් ගත්තාම අපි පටන් ගත්ත වේලාව ඉ`දලා විවිධාකාරයේ නිතී හා සිමාවන් පනවද්දී මේ රටේ ජිවත් වන ජනතාවගේ විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේත්, වැවිලි ක්ෂේත‍්‍රයේත්, ධිවර ක්ෂේත‍්‍රයේත්, කර්මාන්ත ක්ෂේත‍්‍රය, පශූ සම්පත් ක්ෂේත‍්‍රය යන මේවා සියල්ලම නැවත යතාවත් කරන්න සෑම උත්සාහයක් ම ගත්තා. ඒවා සාර්ථක වෙලා තියෙනවා.

අද මැතිවරණය මෙහෙයවීමට වෙලා තියෙන්නෙත් කොන්දේසි මතයි. අපි පක්ෂයක් හැටියටත්, සන්ධානයක් හැටියටත්, අපේ සියලූම අපේක්ෂකයින්ටත් හා අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ටත් අපි කියනවා මැතිවරණ නිනිරිති වලට අනුකූලව ජනාධිපතිතුමාගේ ආදර්ශවත්ව ඒ කටයුතු අනුගමනය කරන්න. මේ වන විට බලධාරීන් දෙදෙනෙක් ඉන්නවා මැතිවරණ කොමිසමත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා වන අතර, ඒ නිතිිරිති වලටත් සෞඛ්‍ය නිරෝධන පනත යටතේ පනවන නිති වලටත් ගරු කරමින් මේ මැතිවරණය කරන්න කියලා.

අපිට අද තියෙන ලොකුම ප‍්‍රශ්නය තමයි අපිට විරුද්ධ පක්ෂයක් නොමැති වීමයි. එකිනෙකාට විරුද්ධ අයනම් ඉන්නවා පක්ෂ අතර ඒ ඒ අය විතරක් ගහ ගන්නවා. විශේෂයෙන් ජනතාවගෙන් ඉල්ලන්නේ කෝවිඞ් උවදුරින් ජනතාවත්, ජනතාවගේ ආර්ථිකයත් ආරක්ෂා කලා වගේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට මේ රජයට පු`ඵවන් කමක් තිබෙනවා මත්කුඩු උවදුරින් හා පාතාලයට නිතිය කි‍්‍රයාත්මක කරලා ජාතික ආරක්ෂාවට කටයුතු කරන ගමන් ඊළ`ග ඉලක්කය තමයි අපේ රටේ ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම ඒ තුළින් තමයි සෞභාග්‍යමත් රටක් රටේ අනාගත දරුවන්ට ඉතුරු කරන්න හැකි වෙන්නේ. ඒ කාරිය සිදු කරන්න බලගතු ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපිට ලබා දෙන්න.

මාධ්‍යවේදීයා- බලගතු ශක්තිමත් වැඩපිළිවෙලක් හදනවා කිව්වානේ. මොකද්ද ඒ බලගතු ශක්තිමත් වැඩපිළිවෙල

පිළිතුරු දුන් බැසිල් රාජපක්ෂ මහතා-අපි විරුද්ධ පක්ෂයක ඉ`දලා නොවෙයි මැතිවරණය මුහුණ දෙන්නේ .එක පැත්තකින් කරන්න යන දේවල් වගේම කරපු දේවලූත් බලන්න කියලා කියනවා.

මාධ්‍යවේදීයා- දැන් රටේ කෝවිඞ් කියලා කාලීන ගැටලූවක් දෙවන රැුල්ලක් කියලා නැවත මැතිවරණ කාලසීමාවේ බලපෑවොත් කොහොමද එයට මුහුණ දෙන්නේ ? ගම් හුදෙකලා කරලා නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කළොත් එයට වැඩපිළීවෙලක් තියෙනවාද

පිළිතුරු දුන් බැසිල් රාජපක්ෂ මහතා- ඇත්තෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා බැ`දී සිටිනවා සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පරිසරයක් සකස් කරන්න. එතුමා මැතිවරණ කොමිසමත් එක්ක සෘජුව සාකච්ඡුා කරලා පැහැදිලිවම කියලා තිබෙනවා අවශ්‍ය ඕනෑම සහයක් ලබා දෙනවා කියලා.

මාධ්‍යවේදීයා-දැන් පසුගිය දිනක කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් වාර්තා කළා ඇමරිකාවත් එක්ක සෝෆා ගිවිසුම අත්සන් කරලා කියලා. එය නිවැරදිද?

පිළිතුරු දුන් බැසිල් රාජපක්ෂ මහතා- එතුමා කිව්වා නම් ඇත්ත විය හැකියි. වැරදි දෙයක් නම් ප‍්‍රකාශ කරන්නේ නැහැ. වාර්තාවලට අනුව අපිට පෙනුනා කලින් පැවති ආණ්ඩුව විසින් විවිධාකාරයේ ගිවිසුම් හා එක`ගත්වයන් ඇති කර තිබෙන බව. රජයේ ජාතික සම්පත් හා අනිකුත් දේපළ වලට පමණක් සීමා නොවී වෙනත් ආකාරයේ ගිවිසුම් පවා අත්සන් කරලා තියෙනවා. ජාත්‍යාන්තර ගිවිසුම් අපිට එකපාරටම හැකියාවක් නැහැ අහෝසි කරන්න. ඒවා යම් යම් ආකාරයට දෙපාර්ශවයටම පිළිගත හැකි ආකාරයට වෙනස් කිරිම තමයි අපි උත්සහ කරන්නේ.

මාධ්‍යවේදීයා-ජනාධිපතිවරණයේදී පොරොන්දු වු වතුකම්කරුවන්ට රු 1000ක දීමනාව ලබා දීම තවමත් සිදුවෙලා නැහැ.

පිළිතුරු දුන් බැසිල් රාජපක්ෂ මහතා- එය අපි පොරොන්දු වු දෙයක් හා ලැබිය යුතු දෙයක් වනවා. අර රත්තරන් කිකිළිගෙන් බිත්තර ගන්න කොට ඔක්කොම ගන්න ගිහින් කිකිළි මැරෙන්න ඉඩ දෙන්නත් බැහැ. ඒ නිසා ගරු අගමැතිතුමා ඒ ගැන විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරනවා.
(under the courtesy of lankacnews.com news web)

Related posts

හමුදා භාරයේ සිටි මාලි ජනපති ඉල්ලා අස් වෙයි

Shiran Viraj

ඇමරිකා පුරවැසිකම ඉවරයි..මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි..ජනාධිපතිවරණයට සූදානම්..ගෝටාභය -Video

Shiran Viraj

ගෝලීය ආහාර අර්බුදයට සූදානම් වන්න: අගමැති මහින්දගෙන් රටටම දැනුම් දීමක්

Shiran Viraj

2 comments

smooth jazz October 10, 2023 at 11:39 pm

smooth jazz

Reply
calm music November 21, 2023 at 11:18 pm

calm music

Reply

Leave a Comment