January 29, 2026
Local NewsNews

කොරෝනා යයි සැක කිහිප දෙනෙකු පුත්තලමෙන්.. 50ක් නිරෝධායනයට..

කොරෝනා යැයි සැක සහිත රෝගීන් කිහිප දෙනකු පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

එම දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ ආරච්චිකට්ටුව, පල්ලම, නාත්තන්ඩිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් මෙම සැක කටයුතු රෝගීන් වාර්තා වී ඇති බවයි.

අදාල රෝගීන් තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවද පැවසූ ඇය නවශ්‍ය කලබලයක් ඇති නොකර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

දැනටමත් අදාල රෝගීන්ගේ ආශ්‍රිතයන් පනහකට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවත් තවත් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කළ බවත් ඇය තවදුරටත් පැවසුවාය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කටුනායක ගුවන් තොටුපොළේ සීමාවන් කිහිපයක්

Maimoonar

ශ්‍රී ලංකා පිළට දනුෂ්කගේ ඉන්මෙන් ගොඩ නැගුණු ජයග්‍රාහි බලාපොරොත්තු පාකිස්තානුවන් සුන් කරයි

Maimoonar

ට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවි සහ ධීවර ප්‍රජාව වෙනුවෙන් FAO සංවිධානයෙන් ඩොලර් මිලියන 16.5ක සහනාධාර ආයාචනයක්

Maimoonar