February 26, 2026
NewsSportsSports News

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බෙන් ස්ටෝක්ස්ට

බටහිර ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට බෙන් ස්ටෝක්ස් පත් කර තිබේ.

ඒ, ජෝ රූට් පුද්ගලික කරුණක් හේතුවෙන් පළමු ටෙස්ට් තරඟයෙන් ඉවත්වීමත් සමගය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 8 වැනිදා ආරම්භවීමට නියමිතය.

තම බිරිඳ දරු ප්‍රසූතිය සඳහා සූදානම් වීම හේතුවෙන් නිත්‍ය නායක ජෝ රූට් පළමු ටෙස්ට් තරඟයට එක් නොවීමට තීරණය කර තිබේ.

ඒ අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරඟයේදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම 27 හැවිරිදි බෙන් ස්ටෝක්ස්ට හිමි වී තිබෙන අතර උප නායකත්වයේ කටයුතු කරන්නේ ජොස් බට්ලර් ය.

ජෝ රූට් 2017 වසරේ සිට මේ දක්වා ටෙස්ට් තරඟ 39කට නායකත්වය ලබා දී තිබෙන අතර ඉන් තරඟ 20ක් ජය ගෙන තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයි

Maimoonar

හමුදා පාලනයක් ගැන ඇසෙයි…

Maimoonar

රජය පාසල් 3000ක් විකුණා දැමීමට සූදානම් වන බවට ජාතික ගුරු ව්‍යාපාරයෙන් චෝදනාවක්

Maimoonar

1 comment

Comments are closed.