February 26, 2026
BusinessBusiness NewsNews

අපනයන සංවර්ධන මණ්ඩලයෙන් දේශීය වගාකරුවන් හා සැකසුම්කරුවන්ට ශ්‍රී ලංකා ප්‍ර‍මිති සහතිකය සඳහා ආධාර ලබා ගැනීමට අවස්ථාවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් දේශීය වගාකරුවන් හා සැකසුම්කරුවන් 25 දෙනකුට මුල් අදියර යටතේ ශ්‍රී ලංකා ප්‍ර‍මිතියට (SLS 1324:2018) අනුව කාබනික සහතිකය ලබා ගැනීම සඳහා උපකාර කිරීමේ ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇත. මෙහි මූලික අරමුණ ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙන්නේ කුඩා ගොවීන් අතර ශ්‍රී ලංකා කාබනික ප්‍ර‍මිතිය (SLS 1324:2018) ප්‍ර‍වර්ධනය කිරීම, කාබනිකව වගාකරන/සකසන නිෂ්පාදන නියමිත ප්‍ර‍මිතියකට අනුව නිෂ්පාදනය කරවීම, සකස් කිරීම හා ලේබල් කිරීම ක්‍ර‍මවත් කිරීම, කාබනික නිෂ්පාදනය සඳහා වගාකරුවන් දිරි ගැන්වීම මගින් නිෂ්පාදන පරිමාව හා ආදායම වැඩි කිරීම, වගා භූමියේ සිට වෙළඳපොල දක්වා සැපයුම් හා අගයදාමවල විනිවිද භාවය ඇති කිරීම, අපනයන වෙළඳාම සඳහා අවශ්‍ය වන කාබනික ප්‍ර‍මිතීන් ලබා ගැනීමට සුදුසු වන පරිදි දේශීය කාබනික ගොවීන්/සැකසුම්කරුවන්ගේ තත්වය ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකා කාබනික ප්‍ර‍මිතිය SLS 1324:2018 සඳහා අපනයන වෙළඳපොලවල අන්‍යොන්‍ය පිළිගැනීම ලබා ගැනීමයි.

සහල්, පළතුරු, කජු, එළවළු, ඖෂධ පැළෑටි, ධාන්‍ය වර්ග, කුළුබඩු, පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන, හරිත පළා යන නිෂ්පාදන කාබනික ලෙස වගා කිරීම හා සැකසුම් කිරීමට උනන්දුවක් දක්වන දේශීය ගොවීන්ට හා සැකසුම්කරුවන්ට මේ සඳහා අයැදුම් කළ හැකිය. තෝරා ගන්නා අයැදුම්කරුවන් සඳහා අදාළ සහතිකය ලබා ගැනීමේදී වැයවන මූලික පිරිවැය, ක්ෂේත්‍ර‍ පරීක්ෂාව, පරික්ෂණ වියදම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුග්‍ර‍ය හිමිවේ.

මේ සඳහා වන අයැදුම්පත් අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියෙන් (www.srilankabusiness.com) ද, වැඩි විස්තර 0112300705-11 දුරකථන හා madhumali@edb.gov.lk යන විද්‍යුත් තැපෑල මගින් ද දැනගත හැකිය. අයැදුම්පත් භාර ගන්නා අවසාන දිනය වන 2020 ජුලි 17 දිනට පෙර අදාළ අයැදුම්පත් අධ්‍යක්ෂ, කෘෂි අපනයන අංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, අංක 42, නවම් මාවත, කොළඹ 02 ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ගෑස් මිලට මොකද වෙන්නේ – ආණ්ඩුව උත්තර දෙයි

Maimoonar

ගුවනේදී ගැටුමක්: KL-චෙංඩු එයාර් ඒෂියා ගුවන් යානයකදී ශබ්ද ආරවුලක් දුරදිග යයි

Maimoonar

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

Maimoonar

1,068 comments

Comments are closed.