Local NewsNews

සියළු විශ්ව විද්‍යාල අද සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරේ

වෛද්‍ය පීඨ සිසුන්ගේ අවසන් වසරේ විභාග කටයුතු සමග සියළු විශ්ව විද්‍යාල අද (5) සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරෙනවා.

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සදහන් කළේ වෛද්‍ය පීඨයන්හි අවසන් වසරේ වෛද්‍ය උපාධි පරීක්‍ෂණ අද සිට ආරම්භ වන බවයි.

ඒ සදහා සහභාගි වන සිසුන් නේවාසිකාගාරවලට පැමිණ සිටින බවද ප‍්‍රකාශ කෙරුණා. නේවාසිකාගාරවලද එක් කාමරයක එක් සිසුවෙකු රැදවීමටයි තීරණය කර ඇත්තේ. විශ්ව විද්‍යාලවල කාර්ය මණ්ඩලයටද අද සිට සේවා සදහා පැමිණිය හැකි බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත් විශ්ව විද්‍යාලවල අනෙකුත් සිසුන්ගේ අවසන් වසරේ විභාග ආරම්භ වන්නේ ලබන 22 වැනිදා සිටයි. එය අගෝස්තු 15 වැනිදා දක්වා පැවැත්වෙනවා. කෙසේවෙතත් විශ්ව විද්‍යාලවල ඉගැන්වීම් කටයුතු මේ යටතේ ආරම්භ නොවන බව ද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර අග දක්වා තවදුරටත් ප්‍රමාද වන ලකුණු

Maimoonar

පිල්ලෙයාන් අත්අඩංගුවට ගනී…

Maimoonar

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාවෙන් දැඩි අනතුරු ඇගවීමක්…

Maimoonar

1,106 comments

Comments are closed.