January 29, 2026
International NewsNews

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

චීනයේ බීජිං නුවරින් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (15) දිනයේ දී බීජිං නුවරින් නව කොවිඩ් ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව ගත වු දින පහක කාලය තුළ බීජිං නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 106 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට බීජිං නුවර ප්‍රදේශ කිහිපයක සංචරණ කටයුතු සීමා කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අලුත් කැබිනෙට්ටුවෙන් අපව රැවැට්ටුවා.. කී දේ නෙමෙයි කලේ.. SM මාධ්‍ය හමුවක.. ආණ්ඩුව කුණාටුවක මුල..

Maimoonar

අනතුරු අඩු කරන්න බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට කියාදෙයි…

Maimoonar

කාන්තාවකගේ හිස, අත්පා වෙන්කල ඝාතන සැකකරුගේ වාහනය සදතැන්න සද්ධර්ම විහාරයෙන් හමුවේ..

Maimoonar

1 comment

Comments are closed.