February 26, 2026
NewsPolitical

මේ ආණ්ඩුවට හෙණ ගහනවා.. මේක මහ මෝඩ ආණ්ඩුවක්..- රතන හිමි

ඕස්ට්‍රේලියානු කිරි ගවයින් 2500ක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට අයිතිය තීරණය කර ඇත්තේ කොමිස් ගැසීමේ උවමනාව මතම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ සඳහන් කරයි.

ඕස්ට්‍රේලියානු කිරි ගවයන් මෙරට බොහෝ ප්‍රදේශවල ඇති කිරීමට නොහැකි බවද පවසන උන්වහන්සේ රුපියල් කෝටි ගණනක් වැය කරමින් මෙම කටයුත්ත සිදු කරන්නේ කොමිස් ගැසීම සඳහාම පමණක් යැයිද කියා සිටිති.

ලංකාවට ගැලපෙන්නේ ඉන්දියානු පකිස්ථාන අප්‍රිකානු සහ බ්‍රසීල වර්ගවල කිරි ගවයන් බවද උන්වහන්සේ සඳහන් කරති.

මේ ආණ්ඩුව මහ මෝඩ ආණ්ඩුවක් බවත් කොමිස් ගැසීමට තියෙන උවමනාව නිසා කරන ජාතියකට කරන මේ අපරාධ හේතුවෙන් හෙන ගහනවා යැයි ද උන්වහන්සේ සඳහන් කලහ.

රතන හිමියන් මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දේශපාලන කදවුරු දෙකයි.. පිරිසිදු අපි සහ හොරු පමණයි..

Maimoonar

ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙක්ට කොවිඩ්

Maimoonar

සභාපතිට කොරෝනා.. ඇමති සී.බී. සහ ප‍්‍රභූන් රැසක් සමග ඔහු උත්සවවල..

Maimoonar

4 comments

Comments are closed.