February 26, 2026
EntertainmentEntertainment NewsNews

මවක් වෙන්න කලිනුත් මම දෙවතාවක් හිතුවා ආශාවරී ලෙස ඔබට සමීපවූ ඕෂදී හිමාශා චාවින්දි

ඕෂදී හිමාශා චාවින්දි කියනවාට වඩා ආශාවරී යන අනවර්ථ නමින් තමයි ඇය ඔබ වඩාත් හඳුනන්නේ.ඉරාජ් නිර්මාණය කළ ආශාවරී ගීතය අතිවිශාල පිරිසක් නැරඹුවා.එය බොහෝ දෙනෙකුගේ විවේචනයට ද බඳුන් වුණා.එහි ඕෂදී කළ අනුරාගී චරිතය කෙසේනම් අමතක වෙම්ද.ජීවිතයේ වගකීම් බාර අරගෙන ඇය දැන් මවුපදවිය ලබා සිඟිති දියණියකගේ ආදරය විඳීනවා.ජනප්‍රියත්වයේ ඉහළම තැනක ඉද්දියි ඇය විවාහ වුණේ.අප ඇගේ සොඳුරු කැදැල්ලේ තතුවිත්ති සොයා බැලුවා.

කොහොමද ඕෂදී,ඔබේ ජීවිතයේ ලොකු වෙනසක් වෙමින් කාලය ගතවෙනවා නේද?

ඔව්.ජීවිතේ උඩුයටිකුරු වුණා වගේ.දුවෙක් කියන්නේ ලොකුම ලොකු වගකීමක්.අම්මා කෙනෙක් විදිහට උපරිම දේ මම දූ වෙනුවෙන් කරනවා.

ඔබ දෙපොළ බලාපොරොත්තුවෙන් හිටියේ දුවෙකුටද?

දරුවෝ කියන්නේ සම්පතක්.ඒක නිසා කවුරු ලැබුනත් කමක් නැහැ කියලා හිටියේ අපි දෙන්නම.ඒත් මම දන්නවා හස්බන්ඩ් පුතෙකුට පොඩ්ඩක් කැමැත්තෙන් හිටියා.

දුවට දැන් මාස කීයද?

අටයි

ඔබ මවක් වුණා කියලා ක්ෂේත්‍රයේ වැඩිදෙනෙක් දන්නේ නැහැ නේද?

එහෙම දෙයක්නම් තියනවා.සමහරු හිතන්නේ තවම මම ප්‍රෙග්නට් කියලා.තව අය හිතනවා මම රංගනයෙන් ඈත් වෙලා කියලත්.මම දුව ලැබිලා මාස පහකින් විතර පස්සේ ඉඳලා රංගනයට නැවත ආවා.ඉකුත් කාලේ වැඩ නොකළේ ලොක්ඩවුන් කේස් නිසානේ.දැන් ආයෙත් නිර්මාණය කෙරෙනවානේ.කිසිම වෙලාවක රංගනයෙන් ඈත් වෙලා නැහැ.ඉදිරියේදී වෙනස්ම චරිත ඔස්සේ ප්‍රේක්ෂකයෝ හමුවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අධ්‍යක්ෂවරු දුව ඉල්ලුවොත් නිර්මාණයවලට?

හොඳ වැඩකටනම් දුවව දෙනවා.ඒකේ ගැටළුවක් නැහැ.

කවදාහරි දුව අම්මා වගේ නිළියක් වෙන්න ඕනේ කියලා කිව්වොත්?

මම කැමතියි දුව ඉගෙනගෙන වෙනත් ක්ෂේත්‍රයක් රැකියාවක් කරනවට.මගේ සැමියා ගුවන් සේවකයෙක්.දුවත් ගුවන් සේවිකාවක් වෙනවට ආසයි.නමුත් ඇය රඟපාන්න කැමැතියි කිව්වොත් මම බලෙන් ඇය වෙනත් පැත්තකට යොමුකරන්නේ නැහැ.කවදා හරි ඇය ඇයටම තීරණ ගන්න පුළුවන් කාලෙක තමන් ගැන හරි තීරණ ගනීවි.එතකොට ඒවාට උදවු කරනවා.

මවක් වුණාට පස්සේ චරිත බාර ගනිද්දි දෙවතාවක් හිතනවාද?

මවක් වෙන්න පෙරසිටම මම චරිත බාර ගනිද්දි දෙවතාවක් හිතුවා.දැන් කියලා වෙනසක් නැහැ.

ඕෂදීට නිර්මාණයක පෙම්වතිය වෙන්න තහංචි නැහැනේ?

කවදාවත් නැහැ. මගේ ඔය චරිත තෝරාබේරා ගැනීම නිසා හස්බන්ඩ් දන්නවා මම මේ කලාව ඇතුළේ ගමන් කරන්නේ හොඳ අවබෝධයෙන් කියලා.

උපුටා ගැනීම සරසවිය පුවත් පත ඇසුරෙනි

Related posts

TIN කරදරය ඉවරයි..

Maimoonar

භික්‍ෂුවක් ගුරුවරියකගේ අසභ්‍ය පින්තූර සමාජ ජාලවලට මුදාහරී..

Maimoonar

සියළු විශ්ව විද්‍යාල අද සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරේ

Maimoonar

722 comments

Comments are closed.