February 26, 2026
Local NewsNews

බෝග වනසන පළගැටියා සබරගමුවට සහ දකුණටත්

කුරුණෑගල, මාවතගම ප‍්‍රදේශයෙන් වාර්තා වූ භෝග වනසන පළගැටි විශේෂය මේ වනවිට සබරගමුව සහ දකුණ පළාතටත් ව්‍යාප්තවී තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ කුරුණෑගල, මාවතගම ආශි‍්‍රත තවත් ගම්මානයකටද මෙම පළගැටියා ව්‍යාප්තවී ඇති බවයි.

සියළු භෝගවල පත‍්‍ර විනාශ කරන මෙම පළගැටි විශේෂය සම්බන්ධයෙන් නෙත් නිවුස් ඉකුත්දා තොරතුරු අනාවරණ කළේ එමගින් සිදුවිය හැකි දැඩි බලපෑම පිළිබදවද අනාවරණය කරමින්. පළගැටියන් දහස් ගණනක් රංචු වශයෙන් පැමිණ වගා බිම් ආක‍්‍රමණය කරන අයුරු එහිදී පෙන්වා දුන්නා.

දැන් මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ කෑගල්ල සහ මාවනැල්ල යන ප‍්‍රදේශවලයි. නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ එම ප‍්‍රදේශවල පොල් සහ රබර් යන භෝගවලටද මෙම පළගැටියන් හානි කරන බවයි.

මේ වන විට කෑගල්ල දිස්ති‍්‍රක්කයේ ගොවිජන සේවා කොට්ඨාශ තුනකින් මෙන්ම අඹේපුස්ස, මාවනැල්ල, රඹුක්කන, සහ වරකාපොළ යන ප‍්‍රදේශවලින්ද මෙම පළගැටියන් වාර්තා වන බවයි කෑගල්ල දිස්ත‍්‍රික් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ආර්.පි.එන්.එල් රාජපක්ෂ කියාසිටියේ.

මෙම පළගැටි විශේෂය මේ වනවිට මාතර දිස්ති‍්‍රක්කයෙන්ද වාර්තා වන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ. ඊයේ පස්වරුව වනවිට මාතර, පූරුගමුව සහ වලකන්ද යන ප‍්‍රදේශවලින් වගාවන්ට හානි කරන මෙම පළගැටියා වාර්තා වී තිබෙනවා.

මෙලෙස සීග‍්‍රයෙන් ව්‍යාප්තවෙමින් ඇති මෙම පළගැටි විශේෂය සම්බන්ධයෙන් නෙත් නිවුස් කීට විද්‍යාඥයින්ගෙන්ද විමසීමක් කළා. ඔවුන් පවසන්නේ වෙනත් වසරවලට සාපේක්‍ෂව මෙම වසරේදී මෙම පළගැටි විශේෂයේ ගහණය සීග‍්‍ර ලෙස වැඩිවී ඇති බවයි.

කෙසේවෙතත් මේ වනවිට පවතින තත්ත්වය දැඩි අවදානම් තත්ත්වයක් නොවන බව වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. ඒ. සීලරත්න නෙත් නිවුස් වෙත සදහන් කළා.

මෙම පළගැටියන් කිසියම් මර්දනයකට ලක් කිරීමට නොහැකි දැයි නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්න කළා.

එහිදී පෙන්වා දුන්නේ  මර්දන ක්‍රියාවලියකට යා යුත්තේ පියවරෙන් පියවර බවත් හානි දායක මට්ටම් අනුව එය වෙනස් කළ යුතුව ඇති බවත් සඳහන් කළා

නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් සදහන් කළේ මෙම පළගැටි ගහණයේ පාලනයට මේ වනවිටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

LPL තරග උණුසුම මැද පිරමිඩයේ සෙලෝටේප් ඔතයි..

Maimoonar

ඉන්දියා පාකිස්තාන තරගයේ ජය පැරදුම විසඳුනු හැටි

Maimoonar

විදුලි ගාස්තුවිදුලි ගාස්තුවලට කරන දේ කියන්නේ ජනවාරි 17ලු..වලට කරන දේ කියන්න

Maimoonar

8 comments

Comments are closed.