January 29, 2026
Local NewsNews

ආපන ශාලා විවෘත කිරීම තවදුරටත් කල් යයි

කොරෝනා වසංගතයත් සමග වසා දැමුණු කොළඹ නගරයේ ආපන ශාලා ජනතාවට විවෘත කිරීම තවදුරටත් කල් දමා තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිණි දිසානායක සදහන් කළේ ආපන ශාලා විවෘත කිරීම සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර ඇති බවයි.

ආපන ශාලා විවෘත කිරීමට සිදුවන්නේ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව කටයුතු කිරීමට ආපන ශාලා හිමියන් සූදානම්වීමෙන් පසුව බවයි නාගරික කොමසාරිස්වරිය නෙත් නිවුස් වෙත සදහන් කළේ.

අවන්හල්වල එම ස්ථානයේදීම ආහාර ගැනීමේදී සහ බැහැරට ගෙනයාමේ සේවා සැපයීමේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය නිර්ණායක රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටත් ප‍්‍රකාශයට පත්කර අවසන්.

එකවර විශාල පිරිසක් භෝජනාගාරයට රැස්වීම අවම කිරීමට කටයුතු කිරීම, මේස සහ පුටු අඩු කිරීම හෝ ආහාර ගැනීමට මේසයක් හැර මේසයක් භාවිත කිරීම වඩාත් සුදුසු බවයි එහි දැක්වෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා අවදානම ඉහළයි – වායුසමීකරණය කළ කාමර වල ගැවසීම සීමා කරන්න යැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Maimoonar

කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් නීති තමන්න බෑ.. සමුගැනීම යලි සිතා බලන්න..- ඇමති නාමල් භානුකගෙන් ඉල්ලයි..

Maimoonar

පාසල් විෂය නිර්දේශයට විකෘති ලිංගික ක්‍රියා ඇතුළත් කිරීම නිරාගමික රාජ්‍යයක් බිහි කිරීමේ කුමන්ත්‍රණයක් බව මිහින්තලා හිමියෝ පවසති

Maimoonar

1 comment

Comments are closed.