28.4 C
Colombo
August 7, 2026
NewsPolitical

සමගි ජනබලවේගයෙන් නාමයෝජනා දුන් තවත් අයෙක් ඉවත් වෙයි

එළඹෙන මහ මැතිවරණයට සමගි ජනබලවේගයෙන් රත්නපුර දිස්ති‍්‍රක්කයට තරග වැදීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ හිටපු ආණ්ඩුකාරවරියක වන නිලූකා ඒකනායක, එම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඇය ඒ පිළිබඳ සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට සහ එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර වෙත ලිපියකින් ද දන්වා තිබුණා.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල කි‍්‍රයාකාරිනියක වූ නිලූකා ඒකනායක, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල හිටපු ආණ්ඩුකාරවරියක ලෙස ද කටයුතු කළා.

මේ අතර එළඹෙන මහ මැතිවරණය සඳහා සමගි ජනබලවේගයෙන් මාතර දිස්ති‍්‍රක්කයට නාම යෝජනා ඉදිරිපත් කර තිබූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මෙන්ම එම පක්ෂයෙන් ගාල්ල දිස්ති‍්‍රක්කයට නාමයෝජනා ඉදිරිපත් කර තිබූ එක්සත් ජාතික පක්ෂයේ අම්බන්ගොඩ හිටපු ප‍්‍රධාන සංවිධායක විශ‍්‍රාමික මේජර් ඩෙනට් පනියන්දූව ද එළඹෙන මහ මැතිවරණය සඳහා තරග නොකරන බව ඉකුත් දා ප‍්‍රකාශ කළා.  

මේ අතර නාවලපිටිය ආසනය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ අධාරකරුවන් පිරිසක් එළඹෙන මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයට සහය පළ කිරීම සඳහා එක්ව තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ, ගේ ප‍්‍රධානත්වයෙන් නාවලපිටියේ පැවැති උත්සවයකදී එම පිරිස ශ‍්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධානයට සහය පළ කිරීම සඳහා එක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ආපදා තත්ත්වයත් සමඟ එළවළු මිල අසාමාන්‍ය ලෙස ඉහළට: කැරට් 4000 දක්වා, ලීක්ස් 3200 දක්වා

Maimoonar

ආණ්ඩුවෙන් ඉවත් වීමට දෙවරක් සිතන්නෑ.. විමල්ගේ යෝජනාවට මා එකගයි..- තොණ්ඩමන් මාධ්‍ය හමුවක….

Maimoonar

කැබිනට් තීන්දුවක් අවලංගු කරන්න ජනාධිපතිට බෑ.. එක බොරුවක් වෙනුවට බොරු තුනක්..

Maimoonar