28.4 C
Colombo
August 7, 2026
Local NewsNews

ශී‍්‍ර ලාංකිකයින් 522ක් විදේශයන්හි සිට කොරෝනා වැළදී මෙරටට පැමිණ ඇතැයි හෙළි වෙයි

ශී‍්‍ර ලාංකිකයින් 522 දෙනෙකු විදේශයන්හි සිට කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා මෙරටට පැමිණ ඇතැයි අනාවරණ වී තිබෙනවා. කුවෙට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති සංඛ්‍යාව 466 දෙනෙක්.

ඉන් 333 දෙනෙකුම කොරෝනා වෛරසය ආසාදිතවයි මෙරටට පැමිණ ඇත්තේ. කටාර් රාජ්‍යයේ සිට පැමිණි 270 දෙනාගෙන් 150 දෙනෙකුම කොරෝනා වෛරසය ආසාදිතයින්.

කුවෙට් රාජ්‍යයේ සිට පැමිණි 466 දෙනාම මේ වනවිට පළමු වටයේ පී සී ආර් පරීක්‍ෂණවලට ලක්කර තිබෙනවා. තවත් දින 10 කින් ඔවුන් නැවත වරක් පී සී ආර් පරීක්‍ෂණයකට ලක් කිරිමට නියමිතයි. කටාර් රාජ්‍යයේ සිට පැමිණි 270 දෙනාමද පී සී ආර් පරීක්‍ෂණවලට ලක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සදහන් කළේ කුමන ආකාරයකින් හෝ කොරෝනා වෛරසය ප‍්‍රජාව තුළට පැතිරිම වැළැක්වීමට ගත හැකි සියළු කි‍්‍රයාමාර්ග ගන්නා බවයි.

දින ගණනාවකින් කිසිදු ආසාදිතයෙකු ප‍්‍රජාව තුළින් වාර්තා නොවීම රටක් ලෙස සතුටු විය හැකි කරුණක් බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පාන් මිල වැඩි කිරීමෙන් අලෙවිය විශාල ලෙස පහල බසී… ජනතාව පාන් අතහරිති..

Maimoonar

ඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට දැවැන්ත මිසයිල ප්‍රහාර

Maimoonar

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‘මිල්කෝ කිරිගොවි අභිමන්’ ජාතික උළෙල පැවැත්වේ

Maimoonar

3 comments

Comments are closed.