Local News News

හෝටල්, ආපන ශාලා එන සතියේ සිට අරී..

කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලයි.

රට තුල සාමාන්‍ය ජන ජීවිතය යථාතත්වයට පත් කීරීමේ රජයේ වැඩපිලිවෙලට සමගාමීව මෙම ආපනශාලා කඩිනමින් විවෘත කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නේය.

සංචාරක හෝටල් හිමියන් ආපනශාලා හිමියන් හා සංචාරක ක්ශේත්‍රයේ සේවා සපයන විවිධ වෘත්තිකයන් සහ ඇමතිවරයා අතර පැවති සාකච්ඡාවකදි හෝටල් සහ ආපනශාලා හිමියන් ඉල්ලා සිටියේ කඩිනමින් සිය ආයතන විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන ලෙසයි.

සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන මාර්ගෝපදේශ වලට අනුව සිය ආපන ශාලා විවෘත කර පවත්වාගෙන යාමට සංචාරක හෝටල් හිමියන් හා මෙහිදි එකගත්වය පල කලහ.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෝටල් හා ආපන ශාලා විවෘත කිරීමට නිකුත් කර ඇති මාර්ගෝපදේශ මේ වන විටත් හෝටල් හිමියන්ට ලබා දී ඇති බවයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අදහස වුයේ එම මාර්ගගෝපදේශ ද අනුගමනය කරමින් මෙරට සෞඛ්‍ය බලධාරීන් සමගද සාකච්ඡා කර කොවිඩ් 19 පාලනය කිරීමේ කමිටුවේද එකගතාවය ඇතිව හෝටල් හා ආපන ශාලා විවෘත කිරීම සදහා වු වැඩපිලිවෙලක් සැකසිය යුතු බවයි. ඒ අනුව එම සාකච්ඡාව අතරතුර සෞඛ්‍ය බලධාරීන් ඇමතු ඇමතිවරයා හෝටල් හා ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට හැකිවන පරිදි මාර්ගෝපදෙශ සංග්‍රහයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

හෝටල් හා ආපන ශාලා වසා දැමිම නිසා එහි සේවකයන්ට වැටුප් ගේවීමේ දුෂ්කරතා ඇතැයි හෝටල් හා ආපන ශාලා හිමියෝ මෙහිදි පෙන්වා දුන්හ. රජය දැනටමත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ඉතා ඉක්මනීන් මේ සදහා වැඩ පිලිවෙලක් සකස් කරන බවටත් ඇමතිවරයා සහතික වුයේය.

ලිසිං ගෙවිමට සහන ලබා ගැනීම සහ සහන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවලට එක්වූ සංචාරක ක්ශේත්‍රයේ නියුතු විවිධ සංවිධාන නියෝජිතයින් ඇමතිවරයාගේ ඉල්ලීම් කළ අතර ඇමතිවරයා සදහන් කලේ ඊට අදාල යෝජනා ඇතුලත් කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් කෙටුම්පත් කර ඇති බවයි. මුදල් අමාත්‍යාංශය සමගද සාකච්ඡා කිරීමෙන් කඩිනමින් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපෙක්ෂා කරන බවද ඔහු කිවේය.

මෙම සාක්ච්ඡා සදහා කොළඹ නාගරික හෝටල්කරුවන්ගේ සංගමය කොළඹ නාගරික ආපන ශාලා හිමියන්ගේ සංගමය සංචාරක වෘත්තීයවේදීනගේ සංගමය සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක නියෝජිතයින් සහභාගී වූහ. සංචාරක හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මිහූද මෙම සාකච්ඡාවට සහභාගී වුහ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මන්ත‍්‍රීවරු 93ක් අගමැති රැස්වීම වර්ජනය කරති

Shiran Viraj

විදුලිය බිද වැටීම සුළු දෙයක්.. ඒකට ඇමති ඉල්ලා අස්වෙන්න උවමනා නෑ..

Shiran Viraj

Clean Sri Lanka අද සිට රට පුරා.. ශ‍්‍රමදාන සැලසුම මෙන්න…

Shiran Viraj

4 comments

Comments are closed.