January 8, 2026
NewsPolitical

රාජිතගේ PCR පරීක්ෂණයේ වාර්තාව අද

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තවදුරටත් මීගමුව පල්ලන්සේන රැඳවුම් ස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන සියලූ සැකකරුවන් මුල් අවස්ථාවේදී නිරෝධායනයට ලක් කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු වූ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ද නිරෝධායනය සඳහා මීගමුව පල්ලන්සේන රැදවුම් ස්ථානයට රැගෙන ආවා. සාමාන්‍යයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන සැකකරුවෙකු මෙලෙස නිරෝධායනය කෙරෙන්නේ දින 14ක් සඳහායි.

එහෙත් හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂාව සහ තවත් කරුණු කිහිපයක් සලකා බලා ඔහු තවදුරටත් මීගමුව පල්ලන්සේන රැදවුම් ස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයම රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

බන්ධනාගාරගතව සිටියදී හිටපු අමාත්‍ය රාජිත සෙනරත්න වැඩිපුරම සිදු කරන්නේ පොත් කියවීම බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ. ඉංග‍්‍රීසි බසින් ලියැවුණු පොත් සඳහා ඔහුගේ වැඩි රුචිකත්වයක් ඇතැයිද අවශ්‍ය පොත් මීගමුව පල්ලන්සේන රැදවුම් ස්ථානයේ පුස්තකාලයෙන් සපයනු ලබන බව ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මේ අතර හිටපු අමාත්‍ය රාජිත සෙනරත්න ගේ PCR පරීක්ෂණ වාර්තාව ද බොහෝවිට අද (29) ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි.   

(under the courtesy of nethnews.lk news web)

Related posts

චීන එන්නත් ලක්‍ෂ 140ක් ඇණැවුම් කරයි.. එන මාසයේම ලක්‍ෂ 30ක් මෙරටට…

Maimoonar

කොරෝනා වලියක්.. PHI ලාට පහර දෙති..

Maimoonar

මොරිෂස් දිවයින අසලදී කොරල්පරයේ ගැටුණු ඉන්ධන නෞකාවේ කපිතාන් සහ දෙවන නිලධාරියා වූ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට

Maimoonar

2 comments

Comments are closed.