Local NewsNews

රණවිරු අනුස්මරණ දින සැමරුම අද

රට වෙනුවෙන් දිවිපිදූ දේශපේ‍්‍රමී වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරිනැමීමේ 11 වන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද (19) පස්වරුවේ සිදු කෙරෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ති‍්‍රවිද හමුදාපතිවරුන්, ඇතුළු ආරක්ෂක ප‍්‍රධානීන් ද මෙම අවස්ථාවට එක්වනවා.

රණවිරු සේවා අධිකාරිය සංවිධාන කරන මෙම ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම සඳහා රට වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන්ගේ ළගම ඥාතීන් ඇතුළු පිරිසක් ද සහභාගීවීමට නියමිතයි. පස්වරු 04.00 ට ආරම්භ වන මෙම උත්සවයේ කටයුතු සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට මුල්තැන දෙමින් සිදු කෙරෙනු ඇති.  

LTTE ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපවීම් කළ යුද්ධ හමුදාවේ වීරෝධාර රණවිරුවන් 23,962 දෙනෙකු, නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන් 1,160 දෙනෙකු, ගුවන් හමුදාවේ වීරෝධාර රණවිරුවන් 440 දෙනෙකු සහ පොලීසියේ විරුවන් 2,598 දෙනෙකු මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ විරුවන් 456 දෙනෙකු, අද පැවැත්වෙන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුමේදී ගෞරවයෙන් සිහිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී ඔවුන් සිහිකර විනාඩි 02 ක නිශ්ශබ්දතාවක් ද පැවැත්වීමට නියමිතයි. දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් ගුවනින් පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුමට සමාගමීව අද දිනයේදී යුද්ධ හමුදාවේ සෙසු නිලයින් 14,610 දෙනෙකුගේ නිල උසස් කිරීම ද සිදු කෙරෙනු ඇති. යුද හමුදා ඉතිහාසයේ එක් දිනක් තුළ පිිරිනැමෙන වැඩිම උසස්වීම් ප‍්‍රමාණය ද එයයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපතිවරයාගේ ස්ථාවරය

Maimoonar

තවුහීද් ජමාත් සාමාජිකයන් දෙදෙනෙකු තවදුරටත් රඳවා ගැනීමට අධිකරණයෙන් නියෝග

Maimoonar

ඊළග වාරියට පෙර බිලියන 900ක් උපයනු.. බදු අනුකූලතාවය වැඩි කරනු.. විදුලිය මිලකරණය නැවත පිහිටුවනු..- IMF

Maimoonar