මුහුණදීමට ඇති දුෂ්කරතා කුමක්වුවද, පළමුව ජනතාව යන ප‍්‍රතිපත්තිය අත්නොහරින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ කොවිඞ්-19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ වීඩියෝ සම්මන්ත‍්‍රණයට ඊයේ (28) පස්වරුවේ එක්වෙමින්.
රටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප‍්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙම වීඩියෝ සම්මන්ත‍්‍රණය පැවැත්වුණා. මෙහිදී ආරම්භක ප‍්‍රකාශ සිදුකළේ කැනේඩියානු අග‍්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ජමෙයිකානු අග‍්‍රාමාත්‍ය ඇන්ඩෘ හොලෙස් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේර්ස් විසින්.
මෙම වීඩියෝ සම්මන්ත‍්‍රණය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ ලොව ප‍්‍රධාන පෙළේ ආධාර කණ්ඩායම්වල හා නායකයින්ගේ වගකීම, තමන් අතර කොන්දේසි පනවා නොගෙන සංවර්ධන හවුල්කරුවන් ලෙස ඉදිරියට යාම සිදුකළ යුතු බවයි. මහා පරිමාණ ද්විපාර්ශවික හා බහුපාර්ශවික නියෝජිත ආයතනවල කඩිනම් කි‍්‍රයාමාර්ග වේගවත් කොට සංවර්ධනය වෙමින් පවතින රටවල හා මධ්‍ය ආදායම් ආර්ථිකයන්හි සංවර්ධනයට දායකවිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
අධ්‍යාපනය, සෞඛ්‍ය, කාන්තාවන් හා ළමයින්, නව අපනයන කර්මාන්ත, ආහාර සුරක්ෂිතතාව හා වඩා යහපත් මෙන්ම ස්ථාවර ලොවක් වෙනුවෙන් පරිසරය සුරැකීම ඇතුළු මානව සංවර්ධන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට රටවල් දිරිගැන්විය යුතුයි.
හදිසි ආධාර පහසුකම් තුළින් සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් රටවලට සහය වන්නේ කෙසේදැයි මෙම කථිකාවත තුළින් එකගතාවක් මතුවිය යුතු බවයි ජනාධිපතිවරයා මෙම වීඩියෝ සම්මන්ත‍්‍රණය අමතමින් සඳහන් කර ඇත්තේ.
බොහෝ රටවල් සිය ණය බැඳීම් නොකඩවා ඉටුකර ඇති බැවින් සහ රාජ්‍ය ණය ප‍්‍රදානය කරන්නන් විසින් සැලකිය යුතු සහනයක් මගින් නව අවකාශ සැලසීමට කාලය පැමිණ ඇති බව ද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)
6 comments
With , you can earn money playing games that pay real money 2023.
Wonderful work! This is the type of information that should
be shared across the web. Disgrace on Google for now not positioning this publish higher!
Come on over and talk over with my web site . Thank you =)
Feel free to visit my blog post … Bookmarks
A lifetime mortgage could affect your tax position.
Here is my page :: aviva equity release interest rates 2021
That leaves you with 12 years of payments.
My web site … what is the difference between equity release and home reversion
Conventional mortgages require a 3% down payment.
Also visit my web page: what are interest rates for equity release
Hurrah! Finally I got a website from where I be capable of in fact obtain useful information regarding my study and knowledge.
My blog … education freelance network