January 29, 2026
Local NewsNews

මැතිවරණ කොමිසමේ ලිපියෙන් තවත් 5000ක් ගෙවීම නතර කරයි

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වූ ජනතාව වෙනුවෙන් ලබාදෙන රුපියල් 5,000 දීමනාව ජුනි මාසයේදී ලබාදිය නොහැකි බව රජය පවසනවා.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නෙත් නිවුස් වෙත කියාසිටියේ මැතිවරණ කොමිෂන් සභාව විසින් යොමුකර ඇති ලිපියක් ඊට හේතු වූ බවයි.

මැතිවරණ කොමිසම, ජනාධිපති ලේකම්වරයා ඇතුළු ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු වෙත ලිපියක් යොමු කරමින් ප‍්‍රකාශ කර තිබුණේ අපේ‍්‍රල් සහ මැයි මාසවලට ලබාදුන් රුපියල් 5,000 දීමනාව ජුනි මාසයේදීද ලබාදීම දේශපාලන ප‍්‍රවර්ධනයක් වන බවට පැමිණිලි ලැබී ඇති බවයි. රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ස්වකීය ජන ජීවිතයේ කටයුතු ඉටුකර ගැනීමට හැකියාවක් පවතින්නේ නම් ජුනි මාසයේදී ද එම ආධාරය ලබාදීමේ සැබෑ අවශ්‍යතාවක් තිබේද යන්න සළකා බැලීම අවශ්‍ය වන්නේ යැයි මැතිවරණ කොමිසම සිය මතය ලෙස එමගින් දක්වා තිබුණා.

මෙම මූල්‍යාධාර ලබාදීම හරහා කිසිදු දේශපාලන ප‍්‍රවර්ධනයක් සිදු නොවිය යුතු බවට ජනතාව දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කි‍්‍රයා කරන බවද අදාළ ලිපියේ සදහන්.

එබැවින් මෙම ආධාර ලබාදීමේ වැඩසටහන්වලින් ප‍්‍රාදේශීය සහ ග‍්‍රාමීය දේශපාලනඥයින් ඉවත් කර තැබීමට පියවර ගන්නා ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ කැබිනට් මණ්ඩලයේද තීරණයකට අනුව ජූනි මාසයේදී රුපියල් 5,000 දීමනාව ලබාදීමට නොහැකි වන බවයි.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාද ඊයේ (20) පස්වරුවේ ප‍්‍රකාශ කළේ මැතිවරණ කොමිසමේ ඉල්ලීමට ද කන් දීමට ආණ්ඩුවට සිදුවන බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපතිට ආරක්‍ෂක විතරයි.. සියළු ගිවිසුම් පාර්ලිමේන්තුවට.. 21 සංශෝධනය ස්වාධීන පක්‍ෂ එකමුතුවේ යෝජනාවලිය මෙන්න…

Maimoonar

ඉන්දීය යානා සුනු විසුනු කළ පාකිස්තානුවන්ගේ වීර ගුවන් නියමුවා මෙන්න!-PHOTOS

Maimoonar

69 ලක්ෂයේ ජනවරමට කකුල් මාට්ටු දැමීමට මිලින්ද මොරගොඩලා බරටම වැඩ – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

Maimoonar

1 comment

Comments are closed.