News Political

මන්ත‍්‍රීවරු 93ක් අගමැති රැස්වීම වර්ජනය කරති

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ හා විපක්ෂයේ හිටපු මන්ත‍්‍රීවරුන් සියලූ‍ දෙනාට රටේ පවතින වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (4දා* කැඳවාඇති විශේෂ සාකච්ඡුාවට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 127  දෙනාගෙන් 93 දෙනෙකු සහභාගී නොවීමට තීරණය කර ඇත.

හිටපු විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහු නායකත්වය ලබාදෙන සමගි ජනබලවේගයේ මන්ත‍්‍රිවරු 87 දෙනාද ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරු 06දෙනාද මීට සහභාගී නොවන මන්ත‍්‍රීවරු වෙති.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එජාප මන්ත‍්‍රීවරු 19 දෙනා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු 15දෙනා මෙම රැස්වීමට සහභාගීවීමට නියමිතය.

සමගි ජන බලවේගය නියෝජනය කරන ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය,දමිළ ප‍්‍රගතශීලී සන්ධානය,ජාතික හෙළ උරුමය සහ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය යන පක්ෂවල මන්ත‍්‍රීවරුද මෙම රැුස්වීමට සහභාගී නොවෙති.

මෙම විශේෂ සාකච්ඡුාවට හෙට පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡුාව සඳහා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටද ඇරැුයුම් කර ඇතැයි ද දැනගන්නට ඇත.

රට මුහුණ දී සිටින කොවිඞ් 19 වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීමට ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව ගෙන තිබෙන පියවරයන් මෙන්ම එහි වත්මන් තත්ත්වය පිළිබඳවත් ,මේ සඳහා ලැබෙන ආධාර පිළිබදව දැනුවත්කර සාකච්ඡුා කිරීමට අගමැතිවරයා විසින් මෙම විශේෂ හමුව කැඳවා ඇත.

පවත්නා තත්ත්වය සැළකිල්ලට ගෙන කඩිනමින් පාර්ලිමේන්තතුව කැදවන්නයි පසුගියදා විපක්ෂයේ දේශපාලන නායකයින් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් කරනලද ඉල්ලීම පිළිබදවද කරුණු දැක්වීිමට විපක්ෂ මන්ත‍්‍රීවරුන්ට අවස්ථව ලැබෙන අතර, පක්ෂ හා විපක්ෂ සියලූ‍ දෙනාට යෝජනා හා අදහස් තිබේනම් ඒවා ඉදිරිපත් කිරීමටත් මෙහිදී අවස්ථාව තිබෙන බව අගමැති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
lanka lead news

Related posts

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි.. නම ගැසට් කරයි…

Shiran Viraj

IPL තවත් තරගයක් අද

Shiran Viraj

දිවුලපිටියේ ඇඟළුම් කම්හලට කොවිඩ් ආවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමකින්ද ? පරීක්ෂණ අලුත් පැත්තකට

Shiran Viraj

1 comment

Comments are closed.