January 22, 2026
Local NewsNews

දේශීය කිරි පිටි කර්මාන්තයේ ගෙල මිරිකීමේ ක්‍රියාවලිය නවතියි – අමාත්‍යවරයාගේ මැදිහත්වීමක්

දේශීය කිරිපිටි කර්මාන්තයේ හුස්ම හිර කර මරා දැමීම සඳහා පාරිභෝගික අධිකාරියේ යම් නිලධාරීන් ක්‍රියාත්මක වන බවට පසුගිය දිනවල චෝදනා එල්ල විය.

ඊට හේතුව වූයේ බදු සහන යටතේ ආනයනය කරන කිරි පිටි වල මිල ඉහළ දැමීමට අවසර දෙන අතර එම අවසරය දේශීය කිරි පිටි කර්මාන්තයට ලබා නොදීමය. එම තත්වය දිගින් දිගටම පවත්වා ගැනීමට ආනයනික කිරි පිටි සමාගම් සමත් වූවානම් දේශීය කිරිපිටි කර්මාන්තය වැසීයාමට බොහෝ ඉඩ කඩ තිබූ බවද වාර්තාවේ.

එසේ වූවානම් වෙළඳපොල ඒකාධිකාරිය තහවුරු කර ගන්නා විදේශීය  කිරි පිටි සමාගම් ආනයනික කිරි පිටි මිල තව දුරටත් ඉහළ දමන බවට සැකයක් නැති බව වෙළඳපල ආරංචිමාර්ග මාර්ග පවසයි.

කෙසේ වෙතත් අමාත්‍යවරයාට ක්‍තොරතුරු වාර්තාවීමෙන් පසුව ඔහු ක්ෂණිකව ක්‍රියාත්මක වී දේශීය කිරි පිටි කර්මාන්තයට හුස්ම ගැනීමට අවස්ථාව සලසා ඇති බව වාර්තාවේ.

lanka lead news

Related posts

ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.. වැරදි ලෙස භාවිත කරනවා..- ජපානය දැනුම් දෙයි..

Maimoonar

“මට පාර්ලිමේන්තුව එන්න කියා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආරාධනා කරලයි තියෙන්නේ”- හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා

Maimoonar

අගමැති අස්වෙන්න ගිහින්.. ජනපති බාර නොගනී…

Maimoonar

938 comments

Comments are closed.