Local NewsNews

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

පවතින වර්ෂාව හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කැළණි ගගේ හොලොම්බුව ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කිතුල්ගල සහ නෝර්වුඞ් ප‍්‍රදේශවලින් ද, කැළණි ගගේ ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කළු ගගේ රත්නපුර ජල මිනුම් ස්ථානයේ සහ ගිං ගගේ  තවලම ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ගංගා දෙපස ජීවත් වන ජනතාව පවතින වැසි තත්ත්වය හේතුවෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්දියා පාකිස්තාන තරගයේ ජය පැරදුම විසඳුනු හැටි

Maimoonar

ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ගැන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා කතා කරයි

Maimoonar

ආණ්ඩුවේ අගමැති පොරයක්…? බැසිල් ඉදිරියෙන්..?

Maimoonar

663 comments

Comments are closed.