January 22, 2026
BusinessBusiness NewsNews

කොළඹ සිට එමිරේට්ස් ස්කයිකාර්ගෝ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය මැයි 11 සිට කාලසටහනකට අනුව

ශ‍්‍රී ලාංකේය අපනයනකරුවන්ගේ ගෝලීය සැපයුම් දාම විවෘතව තබා ගැනීම සඳහා අපේ‍්‍රල් මාසයේ අග භාගයේදී ක‍්‍රියාත්මක කළ විශේෂ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් ගමන්වල සාර්ථකත්වය සළකා එමිරේට්ස් ස්කයිකාර්ගෝ කොළඹ සිට කාලසටහනකට අනුව භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් ගමන් අරඹා ඇත.

මැයි 11 වන සඳුදා සිට සතියකට වරක් ක‍්‍රියාත්මක කරන මෙම සේවය සඳහා බොයින්ග් 777-300 ගුවන් යානයක් යොදවා ඇත. මේ සමග මෙරට අපනයන කරුවන්ට රටවල් 65 කට වැඩි ගමනාන්ත ජාලයකට ප‍්‍රවේශවීමේ අවස්ථාව හිමිවන අතර මෙම රටවල් ප‍්‍රමාණය ක‍්‍රමානුකූලව එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් තවදුරටත් පුළුල් කරනු ඇත.

EK0654 ලෙස ක‍්‍රියාත්මක වන මෙම සේවා සෑම සඳුදා දිනයකම පැය 1855 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට (BIA) ළඟාවන අතර මෙරටට අත්‍යවශ්‍ය ආනයන භාණ්ඩ රැගෙන එයි. මෙම සෑම ගුවන් ගමන් වාරයකදීම ශ‍්‍රී ලංකාවේ සිට ටොන් 50 ක් දක්වා බරැති අපනයන භාණ්ඩ රැගෙන යාමට මෙම ගුවන් යානයට හැකියාව තිබේ. නැවුම් පළතුරු හා එළවලූ වැනි උෂ්ණත්වයට සංවේදී භාණ්ඩ ලෝක වෙළඳපොළ වෙත නැවුම්බව රැකගනිමින් ප‍්‍රවාහනය කිරීමට එමිරේට්ස් ස්කයිකාර්ගෝ විශේෂ සේවා කිහිපයක් නිර්මාණය කර ඇත.

‘මෙම අර්බුදකාරී සහ ලොක්ඩවුන් කර තිබෙන කාල සීමාව තුළදී සැපයුම් දාම සහ ආදායම් ප‍්‍රවාහ අඛණ්ඩවම පවත්වා ගැනීම අපනයනකරුවන්ට ඉතාමත් වැදගත් වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා එමිරේට්ස් ගුවන් භාණ්ඩ කළමනාකරු කපිල සාන්තප‍්‍රිය මහතා සඳහන් කළේය. ‘මෙසේ භාණ්ඩ ප‍්‍රවාහන කටයුතු කිරීම සඳහා එමිරේට්ස් ස්කයිකාර්ගෝ වෙත පහසුකම්, ඒ සඳහා අවශ්‍ය විශේෂඥ හැකියාව සහ දැනුම මෙන්ම කැපවීම තිබෙනවා. මේ නිසා, වෙළඳපොළවල් විවෘත වීමත් සමග කොළඹ සිට අපි ලබාදෙන සේවාව ක‍්‍රමයෙන් පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වනවා.’

මේ වසරේ අපේ‍්‍රල් මාසයේ අග භාගයේ දී එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් ශ‍්‍රී ලාංකේය අපනයනකරුවන්ගේ මාළු, පළතුරු, එළවලූ ඇතුළු අපනයන ටොන් 100 කට ආසන්න ප‍්‍රමාණයක් සූරික්, පැරිස්, ෆ‍්‍රැන්ක්ෆර්ට්, ලන්ඩන්, බ‍්‍රසල්ස්, ඩුබායි, කරච්චිය සහ ලාහෝරය වෙත ප‍්‍රවාහනය කළ අතර ඒ සඳහා විශේෂ ගුවන් ගමන් වාර දෙකක් ක‍්‍රියාත්මක කළේය.

මහද්වීප හයකට අයත් නගර 65 කට වැඩි ප‍්‍රමාණයකට දිනපතා භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් ගමන් වාර 100 කට වැඩි සංඛ්‍යාවක් ක‍්‍රියාත්මක කරමින් එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් මේ අර්බුදකාරී අවස්ථාවේදී ලෝකය පුරා ජනතාව වෙත අත්‍යවශ්‍ය සැපයුම් සහ භාණ්ඩ ප‍්‍රවාහනය කිරීම සඳහා නායකත්වය දක්වා ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

විදුලි මිල සංශෝධනයට පෙර මහජන අදහස් විමසීම අනිවාර්ය බව උපයෝගිතා කොමිසම කියයි

Maimoonar

මන්ත‍්‍රීලාට වාහන දෙනවා.. අවුරුදු පහකින් ගෙදර අරන් යන්නත් පුළුවන්.. අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත

Maimoonar

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු රාජ්‍යය බිඳවැට්ටවීමේ කුමන්ත්‍රණයක් බව උදය ගම්මන්පිල පවසයි

Maimoonar

7 comments

Comments are closed.