Local NewsNews

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 151 දෙනෙකු දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කල සමස්ත නාවික හමුදා සාමාජිකයින් අතරින් නාවික හමුදා සාමාජිකයින් 151 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ රෝහල්වලින් පිටව ගිය ද මෙම සියළුම නාවික හමුදා සාමාජිකයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කර ඇති බවයි.

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 30 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලද බවට පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඔවුන්ගෙන් 18 දෙනෙක් නාවික හමුදා මහ රෝහලේද, 10 දෙනෙකු හෝමාගම රෝහලේද, එක් නාවික හමුදාසාමාජිකයෙකු මුල්ලේරියාව රෝහලේ සහ තවත් නාවික හමුදා සාමාජිකයෙකු අයිඞීඑච් රෝහලේ ද ප්‍රතිකාර ලැබූ බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

චීන මුහුදු කූඩලු ගොවිපලවලට ධීවර විරෝධය…

Maimoonar

මීට වඩා ලොකු ප‍්‍රශ්ණ රටේ නැද්ද..- උමාරා වෙනුවෙන් උමාරියා පෙරට..

Maimoonar

බි ළුණු මිල විශාල ලෙස ඉහලට…

Maimoonar

1,131 comments

Comments are closed.