අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 12 දෙනාගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ අනෙක් ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සාමාජිකයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් දෙදෙනෙකු බවයි .
ටි.වි දෙරණ ඔස්සේ විකාශය වු දෙරණ අරුණ වැඩසටහන සමග එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සදහන් කළේය.
මේ වන විට මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිත ගණන 847 වෙයි.
ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 578 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
සුවය ලැබු සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 260 ක් වන අතර වෛරසය ආසාදනය විමෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.
(under the courtesy of adaderana.lk news web)
1 comment
bossa music