January 15, 2026
Local NewsNews

රෝහිතගේ දරු සුරතල් ගීත වීඩියෝව රූපවාහිනියේ විකාශය කිරීම ගැන සමාජ ජාලවල දැඩි විවේචන..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා විසින් නිර්මාණ කරන ලද දරු සුරතල් ගීත වීඩියෝවක් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීම සම්බන්ධයෙන් සමාජ ජාලාවල දැඩි විවේචන එල්ලවෙමින් තිබේ.

විපක්ෂ හිතවාදීන් මෙන්ම ඇතැම් ආණ්ඩු හිතවාදීන්ද එ් සම්බන්ධයෙන් දක්වන්නේ විවේචනාත්මක අදහස්ය.

මෙය 2015ට පෙර පැවති රජයේ පැවති සිදුවීම්් හා සමාන සිදු වීමක් ලෙස ඔවුන් අර්ථ දැක්වයි.

ආණ්ඩුවට හිතවාදී පිරිස් විසින් සමාජජාලාවල පවසන්නේ යූ ටියුබයේ අංක එකට පැමිණ ජනප‍්‍රිය වූ ගීතයක් රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය කිරීමේ වරදක් නැති බවයි.

එමෙන්ම එය යම් ලෙසකින් මුදල් ගෙවා ප්‍රචාරය කලේ නම් එහි ද ගැටළුවක් නැති බව ඔහුගේ අදහසයි.

නමුත් විපක්‍ෂ හිතවාදීන් පෙන්වා දී ඇත්තේ යූ ටියුබයේ අංක එකට එන සියළු ගීත රූපවාහිනියේ මෙවන් ප‍්‍රමුඛතාවයකින් විකාශණය නොකරන බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නාමල් ට‍්‍රම්ප්ට විරුද්ද වේ..

Maimoonar

පාස්කු විමර්ශන ලොක්කා රටින් පනී.. ඔත්තුකරුවන් දෙදෙනකු ලවා බොරු කියවලා….

Maimoonar

කුවේට් එයාර්වේස් ශ‍්‍රී ලංකා ගමන් තවතා දමයි….

Maimoonar

91 comments

Comments are closed.