Local NewsNews

කාලය ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට අද සිට සහන කාලයක්

කල් ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවිම සඳහා අතිරේක සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(11) සිට මැයි 29 වනදා දක්වා එම අතිරේක සහන කාලය ප්‍රකාශයට පත්කර  ඇති බවයි.

ඇඳිරි නිතිය අඛන්ඩව ක්‍රියාත්මක වු බස්නාහිර පළාත , පුත්තලම දිස්ත්‍රික්කය හා නිරෝධායන කාර්යය වෙනුවෙන් වසා දමනු ලැබු ප්‍රදේශවල ජනතාවට දඩ පත්‍රිකා ගෙවිමට අවස්ථාව හිමි නොවිම හේතුවෙන් මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව අද සිට දිවයිනේ සියලු තැපැල් කාර්යාල සමාන්‍ය රජකාරි කටයුතු සඳහා විවෘතව ඇති බැවින් ගෙවිම් කටයුතු බාධාවකින් තොරව සිදුකළ හැකිවෙයි.

සහන කාලය කුල පසුගිය මාර්තු මස 01 වන දින හෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්‍රිකා සදහා අතිරේක දඩ මුදල් රහිතව ගෙවිම් සිදුකළ හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පෙබරවාරි මස 16 වන දින සිට  පෙබරවාරි මස 29 වන දින දක්වා නිකුත් කර ඇති දඩ පත්‍රිකා සම්මත දඩ ගාස්තුව සහිතව ගෙවිම් කළ යුතු වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රටම ලොක්ඩවුන් තත්වයට පත් කෙරේ.. ඉන්ධන ඉවරයි…

Maimoonar

කෝප් සභාපති අප සමග එකට වැඩ කලා පමණයි.. කිසිම ගෙවීමක් කර නෑ..- ක‍්‍රිකට් ආයතනය

Maimoonar

සමගි ජන බලවේගය මන්ත්‍රීවරු 09ක් නෙරපයි.. කතානායකට දන්වයි..

Maimoonar

1 comment

Comments are closed.