27 C
Colombo
July 25, 2025
Local NewsNews

19 වන විට සීමාවන් ලිහිල් කල හැකියි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

රට තුළ මහජනතාව තවදුරටත් කැපවීමෙන් සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන්නේ නම් එළඹෙන අප්‍රේල් 19 වන දින වන විට දැඩි ලෙස ගැටලු නොමැති ප්‍රදේශවලට යම් සහනයක් ලබා දීමට හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

දැනට හමුවුණා රෝගීන් සංඛ්‍යාව අඩු වෙමින් පැවතුනද රෝගීන් වාර්තා වැනි අවසන් කිරීම ඉලක්කය ඉතා අපහසුය බවද ඔහු පෙන්වා දෙයි.

නමුත් ඒ සඳහා සෞඛ්‍ය සේවය මෙන්ම සියලු ආරක්ෂක අංශ ඇතුළුව වගකිවයුතු අංශ කිසිදු විරාමයක් නොලබාම දිගටම කටයුතු කරන බවත් ඔහු කියා සිටී.

සමාජ දුරස්ථභාවය දිගටම පවත්වාගෙන යාමට ජනතාව දැඩිලෙස වගබලාගත යුතු බවත් ඉදිරි කාලයේ ගනු ලබන තීරණ වලට වැඩි වශයෙන් හේතු වන්නේ මහජනතාව තවදුරටත් කොතරම් නිවැරදිව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේද යන්න මත බවද ඔහු පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ.

මේ වන තෙක් ශ්‍රී ලංකාව තුළ රෝගීන් ව්‍යාප්ත වීමේ දී සමාජය තුළ පැතිරයාමක් දක්නට නැති බවත් එම තත්ත්වයකට පත්වුහවොත් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම දැඩි අභියෝගයක් වන බව ද ඔහු සඳහන් කරයි.

එනිසා මෙම අලුත් අවුරුදු සමයේ ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ද ඔහු සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොරෝනා සැගවූ පුද්ගලයෙක් පැමිණේ.. මහරගම පිලිකා රෝහලේ 14ක් නිරෝධායනයේ..

Maimoonar

මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කරන්නැයි කියයි..

Maimoonar

තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අතේ දුරින්.. බැංකු පද්දතිය අවදානමේ.. විදෙස් බැඳුම්කර පොලිය 40% පනී..

Maimoonar

1,225 comments

Comments are closed.