31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

හඳුනා ගත් භාණ්ඩ කීපයක් ආනයනය කිරීම අත්හිටුවයි

දිවයින තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිර යාමත් සමඟ විනිමය අනුපාතිකයට හා මූල්‍ය වෙළෙඳපොලට එල්ල වී ඇති පීඩනය අවම කිරීම සඳහා හඳුනා ගත් භාණ්ඩ සඳහා ආනයනය සීමා කිරීමට රජය තීරණය කර තිබේ.

ආනයනය සීමා කරන භාණ්ඩවලට අදාළව ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එම භාණ්ඩ ලැයිස්තුවද එම නිවේදනයේ ඇතුළත්.

ඒ අනුව බාස්මතී සහල් හැර අනෙකුත් සහල් රටකජු වැනි කෘෂි නිෂ්පාදන ද ඇතුළත්ව දේශීයව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ රැසක්ද ප්ලාස්ටික් භාණ්ඩ සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසකද ආනයනය අත්හිටුවා තිබේ.

ඊට අමතරව ගොඩනැඟිලි ඉදිකිරීම් ද්‍රව්‍ය, විදුලි හා විද්‍යුත් උපාංග, තිරිඟු පිටි වැනි හඳුනාගත් ද්‍රව්‍ය ණය පදනම මත පමණක් එනම්, මාස 03ක කාලයකින් පසුව ගෙවීම් කිරීමේ පදනම මත පමණක් ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවද එම නිවේදනයේ සඳහන් වෙයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි.. නම ගැසට් කරයි…

Maimoonar

ලොවම කැළඹු ස්ත්‍රී දුෂකයින් සිව්දෙනා පොලිස් වෙඩි පහරින් මරුට

Maimoonar

මීටර් 100 සහය දිවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ සාග් පිටියේ ජය කෙහෙළි නංවති

Maimoonar

1 comment

Comments are closed.