Local NewsNews

ලංකාවේ කොරෝනා මැයි මුල උපරිමයට.. ඇමරිකාව, ඉතාලිය, එංගලන්තය වගේ බරපතල වෙයි..-

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග නිසි ඇගයීමක් නොකර ලිහිල් කළහොත් තත්ත්වය වඩාත් බරපතළ වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එසේ කළහොත් ශ්‍රී ලංකාව තත්ත්වය වඩා බරපතළ වී ඇමරිකාව, ඉතාලිය, ඇමෙරිකාව, එංගලන්තය, ස්පාඤ්ඤය වැනි රටවල තත්ත්වයට පත් වීමට බෙහෙවින් ඉඩ ඇති බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා වාර්තා වී දින 50කින් රෝගීන් වර්ධනය උපරිමය වාර්තා කරන බව ද ඒ අනුව මෙරට රෝගී වර්ධනය උපරිමය මැයි මාසයේ මුල් සතියෙන් බලාපොරොත්තු විය හැකි බවද ඔහු සඳහන් කළේය.

එනිසා කොරෝනා ව්‍යාප්තිය ගැන සියලු දත්ත එදිනෙදා ජනතාව අතරට පත් නොකළහොත් මෙහි බැරෑරුම් කම ජනතාව තේරුම් ගැනීමට නොලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

දැනට නිරෝධාන කඳවුරු වල සිටින පිරිස් සහ ඔවුන් ස්පර්ශ වූ අය පරික්ෂා කර අවසන් කරන තුරු කොරෝනා වසංගතය රටපුරා පැතිර යාම වැළැක්වීමේ ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව ඇතැයි ද ඔහු තවදුරටත් සඳහන් කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොරෝනා නිසා වසා දැමූ බේරුවල පන්නිල ජනතාව විරෝධතා..

Maimoonar

හදිසි නීතිය දේශපාලන මර්දනයට නොවේ: සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා – ඇමැති ආනන්ද විජේපාල

Maimoonar

5000 දීමනාව තම ලයිස්තුවට දෙන්නැයි පුංචි මන්ත‍්‍රීන් ග‍්‍රාම සේවිකාවට කුණුහරුපෙන් බනිති.. පොලිසි යයි..

Maimoonar

1 comment

Comments are closed.