31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

යුද හමුදා කැබ් රියේ ගැටී ‍පොලිස් සැරයන්ව‍රයෙක් ජීවිතක්ෂයට

නාරම්මල පොලිස් වසමේ නාරම්මල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කඩහපොල ගල්වංගුව හංදියේ දී කුලියාපිටිය දෙස සිට නාරම්මල දෙසට ධාවනය වු යුද හමුදා කැබ් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

එහිදී යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙසේ ‍මියගොස් ඇත්තේ වයස අවුරුදු 47 ක් වු බෝයගනේ, පොතුහැර ප්‍රදේශයේ පදිංචි නාරම්මල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.

අනතුර සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ඇත.

නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මගේ මේකප් ගැන ඩේසි අක්කා උනන්දු වුණු හැටි අද වගේ මතකයි අතීත මතක පෙළගස්වන අග්‍රගණ්‍ය සිනමා නිළිමාලිනී ෆොන්සේකා

Maimoonar

සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..

Maimoonar

ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…

Maimoonar