Local NewsNews

මෙරට කොරෝනා පැතිරීමට මුල් වී ඇත්තේ 19 දෙනෙක්…

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ මෙතරම් පැතිරී යාමට මුල්වී ඇත්තේ පුද්ගලයන් 19 දෙනෙකු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මෙරටදී හමුවූ කොරෝනා ආසාදිත පලමු ශ්‍රී ලාංකිකයා වූ සංචාරක මගපෙන්වන්නාත්, යාපනයේ සංචාරය කළ දේවගැතිවරයා ඇතුළු 19 දෙනෙගෙන් පසු සෙසු පිරිසට මෙම වෛරසය වැඩි වශයෙන් බෝ වී ඇති බවද ඔහු පැවසීය.

වෛරසය ශරීරගත වන්නන්ගෙන් වැඩි ම බලපෑමක් සිදුවන්නේ අවුරුදු 60 ඉක්ම වූ පිරිසට බව හෙලි වී ඇති බැවින් විශ්‍රාම වැටුප් ගැනීමට පැමිණෙන අය වඩාත් ප්‍රවේශම් වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

එමෙන්ම ATM යන්ත‍්‍රවලින් මුදල් ලබා ගැනීමෙන් පසු හොඳින් අත් සෝදා ගැනීම ඉතා වැදගත් බවද ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ..අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ..2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑ

Maimoonar

ශ‍්‍රී ලංකාව අද අවසන් මහ තරගයේ…

Maimoonar

වරාය සම්පූර්ණයෙන් නවතමින් වැඩ වර්ජනයක්…

Maimoonar

490 comments

Comments are closed.