Local NewsNews

මෙරටින් එක් දිනයකදි හමු වු වැඩිම කොරෝනා ආසාදිතයින් සොයා ගත් ආකාරය

පුත්තලම නැගෙනහිර ප්‍රදේශයෙන් පසුගිය දා සොයා ගත් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා ඇසුරු කළ තවත් පුද්ගලයන් 10දෙනෙකු ඊයේ (31) සොයාගත් කොරෝනා ආසාදිතයන් අතර සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේදී වෛරසය ආසාදිත රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වීම සම්බන්ධයෙන් අද (01) උදැසන දෙරණ සජීවි වැඩසටහනකදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.

යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ එකතුව යුහුසුලුව සිදු කළ නිරෝධායන කටයුතු නිසා මෙම ආසාදිතයින් සොයා ගත හැකි බව ඒ මහතා පැවසීය.

මුල්ම ආදිතයාගේ අදාල දිනයන්හි හැසිරි ඇති ආකාරය සම්බන්ධයෙන් කළ විශ්ලේෂණයක් අනුව ඔහු පදිංචිව සිටි ගම්මානයේ පුද්ගලයින් 88 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කළ බවත් එහිදි සිදු කළ පරීක්ෂණ අනුව මෙම රෝගීන් 10 දෙනා සොයා ගත් බවත් ඒ මහතා පැහැදිලි කළේය.

එම රෝගීන්ගේ කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණ බවත් නමුත් ඇති වු සැකය මත එම පිරිසිසෙන් 19දෙනෙකුගේ රුධිර සාම්පල පරීක්ෂා  කළ බවත් එහිදි 10දෙනෙකුට මෙම වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු බු වත් ඒ මහතා ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

Maimoonar

දේශපාලනඥයින්ට පාසල් උත්සවවලට සහභාගි විය හැකියි.. තහනම් කර නෑ..- අධ්‍යාපන නි. ඇමති

Maimoonar

සහරාන්ව නැවැත්වීමට තිබුණේ මීට වසර 05කට පෙර බව පාඨලී කියයි

Maimoonar

1 comment

Comments are closed.