Local NewsNews

බොට්ටුවෙන් ලංකාවට පනින්න එන්න එපා.. මුහුදේදීම එලනවා.. ශ‍්‍රී ලංකා රජයෙන් පණිවුඩයක්.. නාවික හමුදාව මුහුද වටා රැකවල් දැලක් එලයි..

මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ‍්‍රී ලංකා මුහුද සීමාවේ මුර සංචාරක විශාල වශයෙන් ඉහළ නංවා තිබේ.

ඉන්දියාව සහ පාකිස්ථානය වැනි ආසන්න රටවල කොරෝනා ආසාදිතයන් විය ඉහල යාමත් සමග මෙම පියවර ගෙන ඇත.

විශේෂයෙන් ඉන්දීය ධීවරයන් ශ‍්‍රී ලංකා මුහුදු කලාපයේ මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන හෙයින් ඒ මුවාවෙන් ඇතැමුන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ හැකියාවක් ඇති නිසා මෙම පියවර ගෙන ඇත.

නාවික හමුදාවේ සහයෝගයෙන් ගුවන් හමුදාවද ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දිනපතා ගුවන් සංචාර සිදුකරමින් සිටියි.

මේ වන විට ගුවනින් සහ මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

Maimoonar

IMF අනුමැතිය දෙසැම්බරයේ ලැබෙන්නෙ නෑ.. ජනවාරි ලැබෙන්නෙත් චීනය කැමති වුනොත්..- නන්දලාල්

Maimoonar

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 215 ක්

Maimoonar

131 comments

Comments are closed.