31.7 C
Colombo
February 26, 2026
International NewsNews

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට

කොවිඩ්-19 හේතුවෙන් රෝගී වී, දින කිහිපයක කාලයක් ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නැවතත් එහි සාමාන්‍ය වාට්ටුවක් වෙත ඇතුලත් කර තිබේ.

අගමැතිවරයා වඩාත් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි, විදෙස් වාර්තා පවසයි.

එක්සත් රාජධානියෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 65,872ක් වාර්තාවන අතර, සිදුව ඇති මරණ ගණන 8,000කට ආසන්නයි.

මේ අතර බටහිර යුරෝපානු කලාපයේ ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය යන රාජ්‍යයන්ට තවදුරටත්, කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් වැඩි බලපෑම් එල්ලවෙමින් පවතියි.

පසුගිය පැය විසිහතර තුළ, එම රාජ්‍යයන්ගෙන් පිළිවෙලින් මරණ 610ක්, 655ක් සහ 1,341ක් වාර්තාවුණි.

මේ අනුව තවමත් ලොව වැඩිම කොවිඩ් මරණ ගණන ඉතාලියෙන් වාර්තා වන්නේ 18,279ක් ලෙසින් වන අතර ස්පාඤ්ඤයෙන් මරණ 15,447 ක් සහ ප්‍රංශයෙන් මරණ 12,228ක් සිදුව තිබේ.

පවතින තත්ත්වය සලකා වෛරසයේ වැඩිම හානිය සිදුවූ රාජ්‍යයන් වෙත යුරෝ බිලියන 500ක හදිසි සහන පැකේජයක් නිකුත් කිරීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබුණි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බහුතරය අහිමි වූ ජනාධිපති අන්තර්වාර ආණ්ඩුවකට එකග වේ…

Maimoonar

අමෙරිකානු බලපෑම් ගැන විපක්ෂයේ චෝදනා වලට රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් උත්තර

Maimoonar

කොරෝනා නසන සාර්ථක දේශීය ඔසු රැසක් නිපදවා අවසන්.. නමුත් කිසිදු රෝගියෙකුට දෙන්න ඉඩ නොදෙයි.. එන්නත එනතුරු බලාහිදී..

Maimoonar