31.7 C
Colombo
February 26, 2026
NewsPolitical

පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්..

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය දැන් අවලංගු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ, දෙමළ සංධාන සහ ජනතා විමුක්ති පෙරමුණ හිටපු මන්ත්‍රීවරුන්ගේ අදහසයි.

ඒ අනුව පැවති පාර්ලිමේන්තුව යළි බලාත්මක වන බැවින් ජනාධිපතිවරයා විසින් නොකැදවුවද ඊට රැුස්විය හැකි බව ඔවුන්ගේ අදහසයි.

එසේ පාර්ලිමේන්තුව රැස් කළ සැණින් විශ්වාසභංගයක් ගෙන විත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පවතින ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා සාකච්ඡා කෙරෙමින් ඇති බවද වාර්තා වෙයි.

කොරෝනා වසංගතය මර්දනය කිරීමට පවතින ආණ්ඩුව අසමත් වූයේ යැයි චෝදනා එල්ල කරමින් මෙසේ විශ්වාසභංගයක් ගෙන ඒමට සාකච්ඡා වෙමින් ඇත.

ඉන් පසුව එක්සත් ජාතික පෙරමුණේ නව රජයක් බිහිකිරීම සඳහා සූදානමක් ඇති බවද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහින්ද සමග කල සාකච්චාවක හඬපටයක් හැන්සාඩ් ගත කලා..- රන්ජන්

Maimoonar

පූසන්ට ලබා දෙන ආහාර ලෙස කෝටි 13ක් වටින මත් පෙති තොගයක් තැපෑලෙන් එවලා මාට්ටු

Maimoonar

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස් වීම්වලදී තමන්ට අසාධාරණයක් වූ බව දේවානී ජයතිලක පවසයි

Maimoonar

60 comments

Comments are closed.