31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

තැන තැන කොවිඩ් රෝගීන් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය හොඳටම අවදානම්

කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

මේ ආකාරයෙන් ඉදිරි දින කිහිපයේදීත් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වුවහොත් එළැඹෙන 27 වැනිදා වන විටද රට විවෘත කිරීමට නොහැකි වන බවද වෛද්‍ය අලුත්ගේ පවසයි.

තවමත් සිදුකරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බැවිනි දිනකට පරීක්ෂණ එක්දහස් පන්සියයක් සිදුකිරීමට හැකියාවක් ඇත්නම් දැනට පවතින අවධදානම් තත්ත්වය අවම කර ගැනීමට හැකි බවද ඔහු පවසයි.

සෞඛ්‍ය අංශයේ ඇතැම් පිරිස්වල ආකාර්යක්ෂමතාවය හේතුවෙන් රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සති තුනක් පසුපසට ගොස් ඇති බවද ​හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පොකුරු ආකාරයට කොරෝනා රෝගීන් බිම් මට්ටමින් හමුවීම ආරම්භ වුවහොත් රෝග පාලනය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් ගිලිහී යනු ඇතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් පොකුරු ආකාරයට රෝගීන් හමුවෙමින් පවතින අතර ඉදිරියේදී තවත් මෙවැනිම ප්‍රදේශ හමුවීමට ඉඩ ඇති බැවින් වහාම දිවයින පුරාම ව්‍යාප්ත වන ලෙස පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙසද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ජනගහන අනුපාතය අනුව නියැදි තෝරා ගනිමින් පරීක්ෂණ ආරම්භ කරන ලෙස සංගමය පසුගිය මාර්තු මාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දුන් නමුත් ඔවුන් ඒ කෙරෙහි වැඩි අවධානය යොමු නොකළ බවද වෛද්‍ය අලුත්ගේ පවසයි.

lanka lead news

Related posts

ස්වයං නිරෝධානයේ සිටි එක්දරු මවක් මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..

Maimoonar

විදුලි ගාස්තු 11%කින් ඉහළ නැංවීමට සැළසුම් කරන බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් අනාවරණයක්

Maimoonar

ආනයනය කරන වාහන මිල 300%කින් ඉහලට..

Maimoonar

8 comments

Comments are closed.