Local NewsNews

කොවිඩ් මඬින්න විදෙස් හමුදා අවශ්‍ය නැහැ – ‘‘ ද හින්දු පුවත්පතට‘‘ ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිචාර

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා විදේශ හමුදා අවශ්‍ය නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

කො​රෝනා මැඬලීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ඉන්දීය හමුදා කණ්ඩායම් ලබාදීමට යන බව ‘ද හින්දු’ පුවත්පත කළ අනාවරණයට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා හමුදාවට හා පොලිසියට කොරෝනා වෛරසය ඵලදායී ලෙස හැසිරවිය හැකි බවත්, ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට යෙදවීම ගැන දෙරට අතර කිසිදු සංවාදයක් සිදුනොවූ බවද හෙතෙම සඳහන් කරයි.

ශ්‍රී ලංකා හමුදාව මේ වනවිටත් වෛරස තර්ජනය සටනේ එය පාලනයට කටයුතු කිරීමේදී ඔවුන්ගේ වෘත්තීය භාවය පෙන්නුම් කරමින් ඔවුන්ගේ හැකියාවන් ඔප්පු කර ඇති බවත්, එය අනෙකුත් රටවලට ආදර්ශයක් බවත් හෙතෙම අවධාරණය කරයි.

lanka lead news

Related posts

කැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..

Maimoonar

මැතිවරණය වර්ජනය කරනු.. තුණ්ඩු බෙදා හැරේ.. පසුපස මන්ත‍්‍රීවරයෙක්..

Maimoonar

එළිසබත් මහා රැජිණන ජාතිය අමතයි

Maimoonar

19 comments

Comments are closed.