Local NewsNews

කොරෝනා ව්‍යාප්තිය නිසා ගැටළුවලට මුහුණපා සිටින ලාංකික ශ්‍රමිකයින් ගැන රජයේ අවධානය

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගැටළුවලට මුහුණපා සිටින ශ්‍රී ලාංකික සංක්‍රමනික ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් විෂයභාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර ඊට  විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් පිරිසක් ද එක්ව සිට ඇති බව සදහන්ය.

ශ්‍රී ලාංකික සංක්‍රමනික ශ්‍රමිකයින්ට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවත් ඔවුන්ට උපකාර කිරිම සදහා ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණ පිළිබඳ ගවේෂණය කිරිමත් මෙහිදී අවධානයට යොමු වූ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

මැද පෙරදිග, අග්නදිග ආසියාව, නැගෙනහිර ආසියාව, යුරෝපය සහ අප්‍රිකානු කලාපවල මිලියනයට අධික ශ්‍රී ලාංකික සංක්‍රමිනික ශ්‍රමිකයින් රැකියාවල නිරත වන බවට මෙහිදී තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව විශේෂයෙන් ගල්ෆ් කලාපයේ සේවය කරන සංක්‍රමනික ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා පිළිබඳ මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්විම සඳහා මෙම කලාපයේ සත්කාරචක රටවල් ගෙන ඇති පියවර සංක්‍රමනිකයින්ට අහිතකර ලෙස බලපා ඇති බවත් එහිදී ඉස්මතුවන කරුණුවලට ඉතා ඉක්මනින් විසදුම් ලබාදිය යුතු බවත් අමාත්‍යවරයා නිළධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි නොවූ සංක්‍රමනික ශ්‍රමිකයින්ගේ ගැටලු සහ  මෑතකදී රැකියා අහිමි වු හා මුදල් ප්‍රේෂණ සම්බන්ධ ගැටළු පිළීබඳව ද අවධානය යොමුව ඇති බව සඳහන්ය.

මේ අතර ඉන්දියාවේ අධ්‍යාපන කටයුතු සදහා ගොස් ප්‍රාන්ත කිහිපයක රැදී සිටින සිසුන් තමන්ව හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ කොවිඩ් නයින්ටීන් වෛරසය ඉන්දීයාව තුළ ඉතා සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින අතර මේ හේතුවෙන් තමන් දැඩි සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා ඇති බවයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

නවසිලන්තය සමග විස්සයි 20 තරගය අද -අබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකරයි

Maimoonar

විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට විපක්ෂයෙන් විරෝධයක්

Maimoonar

Corona : අවසන් පැය 24ට රෝගීන් 02යි.. 104ක් රෝහල්වල… සැක සහිත 173යි.

Maimoonar

35 comments

Comments are closed.