January 22, 2026
Local NewsNews

ඉන්දීය ක‍්‍රමයට දඬුවම් දුන්නේ යයි වැඩ තහනම් වුණු පොලිස් නිලධාරින් දෙදෙනා යළි සේවයේ පිහිටුවයි..

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකුට දඬුවම් කිරීම හේතුවෙන් වැඩතහනමට ලක්කෙරුණු පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා යළි සේවය පිහිටුවා ඇත.

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකුට දඬුවම් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය (13) නිවේදනය කළේය.

ඇඳිරි නීතිය අතරතුර, බලපත්‍රයක් නොමැතිව මරදාන ඩාලි පාරේ ගමන් කළ සිව්දෙනෙකුට, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දඬුවම් ලබා දී අවවාද කරන අයුරු පසුගියදා දෙරණ ඊයේ වාර්තා කළේය.

කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයට අනුයුක්ත සේවය කරන මෙම නිලධාරීන් දෙදෙනාට, අණට අකීකරු වීම හා අපකීර්තිදායක හැසිරීම යන චෝදනා එල්ල විය.

ඒ යටතේ ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවවයි පොලිස් මූලස්ථාන ඊයේ නිවේදනයේ සඳහන් වන්නේ.

කෙසේ වෙතත් වැඩතහනමට ලක්කෙරුණු පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා යළි සේවය පිහිටුවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහා වස්තුවක් ඇතැයි කියන නිධානයේ ගල් තලාවක් හමුවේ.. පුපුරුවා හැරීමට සූදානම් කෙරේ..

Maimoonar

ජනපති ඉන්දියා යයි.. වැඩබලන්න ඇමතිවරුන් පහක් පත් කරයි…

Maimoonar

විදුලිය බෙදා හැරීමට දෙන ජපන් ආධාර නවත්වයි -අපිට පාඩුවක් නැහැ – ඩලස් කියයි

Maimoonar

90 comments

Comments are closed.